බෝනික්කන්!

තුනීව සිහින්ව
කන්‍යා පටල සේ
සිඳී ගිය
ආශාවන්

මිය ඇදී යන්නටවත්
පණක් මුසු නැති
මියැදී ගිය එනමුදු
රෝස පැහැති...

බෝනික්කන්!

දෑස් ඇරුනු
එමත
වැලි තැවරුනු

වැළලුනු
නිරාශා වැල්ලෙ තැනුනු
තැනිතලාවන්
යට සැතපෙන
කම්පිතව
පණ නල යදිනු අමතකව ගිය
ප්ලාස්ටික් ආත්ම...

තුනී ව
සිහින්ව

p.s.
උදලු ගාන විට මිදුලේ සමහර තැන්වලින් පරණ ප්ලාස්ටික් බෝනික්කන් තවමත් මතුවෙයි. පරම්පරා කීයක් අපි මේ ප්ලාස්ටික් කැබලි සමග සෙල්ලම් කරන්නට ඇත්ද?

01/07/2012

Comments

Anonymous said…
"වැළලුනු
නිරාශා වැල්ලෙ තැනුනු
තැනිතලාවන්
යට සැතපෙන
කම්පිතව
පණ නල යදිනු අමතකව ගිය
ප්ලාස්ටික් ආත්ම..."

මේ මම ආසම ටික.හරිම ලස්සනයි යාළු! :)

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්