දිවා සුරැකුම

දිවා සුරැකුම

නිකුතු සිය කම්හි තන්හි තන්හි නිසැකියෝ
ළද දරුවන් අදගර දරණැ හොවා මලිලිය

බෝසතුන් ගේ මෛත‍්‍රිය තව දුරටත් පැතිරෙයි. වැදි කාන්තාවෝ තම බිලිඳුන් පිඹුරන්ගේ දරණ මත සතප්පා වැඩ කටයුතු සඳහා ඒ ඒ තැන් බලා නික්ම යති. තම දරුවන් ට පිඹුරන්ගෙන් විපතක් වෙතැයි සැකයකුදු ඔවුනට නැත.

සසදාවත 238 කව
සිරි තිලකසිරි සංස්කරණය


දිවා සුරැකුම මගේ දරු පැටවුනට
සුරැකුම් මධ්‍යස්ථානය අවම පිරිවැය
පිඹුරනි මෛතී‍්‍ර සහගත
පිහිට වෙනු ලතෙත බව පොබය

අපි දෙන්නටම
වැඩ කරන්නට සිදුව ඇත සොයුර
එකල මෙන් වැදි දියණියක නොවුව ද ඇය
යාමට බල කර ඇත
අපි දෙන්නටම
වැටුප් ලබනට
දරුවන් පිඹුරු දරණ් මත සතපවා හෝ

සතය සතය එකතු කර
නැගූ මහ මන්දිරයක් නැත
එදා වේල හෝ සරි කරන්නට
දවස් දියව ගොස්
දරුවන් ගොදුරු ගිලිනට හුරු වීයැ කවර දොසදැයි ?


ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2008

Comments

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්