අවි තැනීම-පියන්කාරගේ බන්දුල ජයවීර

අවි තැනීම

මා පියබඳ
බදා වැළඳ
හඩ හඩා
මෙ දුකඳුළු
නිමා කරමු
තුටු කඳුළුම
නෙතු සරසන
දින එනතුරු

බුලත් කසට
බැඳි මුවගින්
විෂ වදනින්
හද පාරන
කල නොසැලී
සිත දිරි ගෙන
රුදු රළු මග
දෙපා නගමු

පරම්පරා සංස්කෘතික
දෘෂ්ටිවාද සීතල යුද
මැද නුඹ මම
අප සැමදෙන
සිරකරුවන්
වෙමු කුටුම්භ
හිරගෙදරක
මාපිය නෑදෑ පූජක
ජේලර්වරු
සංස්කෘතික යෂ්ටි රැගෙන
සීරුවෙන් සිටිති
අවදිව

මෙ අප සැදූ
හිරගෙයක් නොව
හිරගෙදරක
උපනෙමු අපි
කඩා බිඳ දමා හිරගෙය
නිදහසට දෙපා තබනට
අවැසි අවි තනයි
ඉවසුම

පියන්කාරගේ බන්දුල ජයවීර

ලංකා ඉරිදා සංග‍්‍රහය 23-11-2008 න් විල්තෙර කාව්‍ය නිර්මාණ සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.

ඉවසීම යනු වෛරය එක් රැස් කිරීමයි.



Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්