Showing posts with label ArtRage. Show all posts
Showing posts with label ArtRage. Show all posts
Tuesday, September 7, 2010
ගං කොමලිය
සුරාවිතින් නුරා සැලී
දෙතොලග සරැලී සැනහී
ඉසියුම් ස්වර සුසුම් ඇසී
සළෙල සිතුම් වළා වැසී
සඳ
අඳුරේ
පොද
ඇසිරේ
සඳකත් දිය විල් පොකුණේ
කල් දිය දහරා රැළි රැළි
අතීතයෙන් අනාවකට
දඟ දියවැල් යහන් ගැබේ
සැතපෙයි ගං දිය දෑලේ
දිය ඉහිරී පෙණ පිපිරී
සුදු මීදුම් මැවු විසිරී
ගල් දිය හා වෙළී වෙළී
මුතු කැට මිණි පෑ දිලිසී
තාලය ගං තලා ලෙසේ
ඇමිණී හස කැන් සහසේ
දෙවුර තලා දෑල බලා
ගඟ දිය ගං පතුලේ ලිහේ
නුරා සෙමර පිල් විදහා
නර්තනයෙන් මන් පුබුදා
ගං කොමලිය දෑත් විදා
ගලා බසී ඉඟ රිදවා
09/2010
ටැක්සියේ නොම්මරේ:
ArtRage,
ඇම්බියුලන්ස්
Friday, August 13, 2010
Tuesday, August 10, 2010
Subscribe to:
Posts (Atom)
