Posts

Showing posts from October, 2009

මතකයි මට

Image
මතකයි මට කඳු මුදුනතර ලෙලදුන් රණ තිසර තුඩු සිප සිප තුරුණු අහස් කුස නදී ජල තරඟ පෙල මත නෑඹුල් ඇගේ සිරුර දැඟලී ගලකින් මතුපිටින් වෑහි පෙණ කැටි ඉහිරුණ වසන්තය තෙත් විය මා වියැලි හදවත! වියැලි කර්කෂ ගිම්හානයේ වියැකී නුරාවන් කාලයේ නිරුදක කතර විය හරිත නිම්නය ඇගේ දෙතොල ද පහස ද නගරයේ දුමාරය පිරි අහස සිප ගත් උසැති ගොඩනැගිලි මුදුන් සේ මළානික රතු උළු කැට සෙවිලි කළ මට පෙනේ ඇගේ වැහැරුණු පියයුරු දවාලයි වියැලි හදවත මා පරඩැල් ගොඩක් මෙන්! ඩෝසන් ප්‍රීති

එකම ප‍සෙක සිටිය යුතු උන්

Image
එකම ප‍සෙක සිටිය යුතු උන් මගේ හදවත රිදුම් දෙයි කැකෑරෙයි ගත රුහිරු ඉහිරී යයි සුසුම් පොදි ඉරි තලයි ඇස් බොඳව යයි දෙපසක තල්ලු වෙන දෑත් එකම ප‍සෙක සිටිය යුතු උන් දෙපසකට බෙදී ඇති සැටි ඉරි තලයි ඇස් බොඳව යයි

සොහොන් මාළිගය

Image
සොහොන් මාළිගය මිය ගිය සහ මරන ලද සුවහසක් මිනිසුන්ගේ ඇට කටු එකට තබා සදා ඇත මගේ මන්දිරය සුවිසල් ය එය! තබා ඇත හිස් කබල් විවර වුණු බොල් ඇස් සිදුරු කවුළු ලෙස හමා එනු පිණිස මිනී අළු මුසු මද පවන්! දරුණු විලි රුදා දැරූ උකුළු ඇට; තබා ඇත ආලින්දයේ සිහිවටන ලෙස නෙක නොනැගෙන්නට නැවත නැගිටීම් අපගේ පෙළපතට එදිරිව! රහසිගත භූගත කුටියක තබා ඇත එක පෙළට‍ නොනැමුණු කෂේරුකා සිහි කැඳවනු පිණිස හෙට දිනට! ලද අවසරයෙන් අමතක වන මගේ කාලකණ්ණි අන්තේවාසිකයනට මොවුන් නැගි බව අපට එරෙහිව මතක් කර දෙන්නට දිවා රැය! ඩෝසන් ප්‍රීති 271009

සිත බිඳුනු කවියෙකුට

Image
සිත බිඳුනු කවියෙකුට කලක් කැරකුනි හිරු ලෝකය වටා නිහඩව මල් පිපුනා කලට වෙලාවට අපි දු වැන්දෙමු නමස්කාර කර දැන් අපි දනිමු එසේ නොවන වග අපි කැරකී ඇත හිරු අචලව ඇති ගගන අභ්‍යවකාෂ අඳුර තුල එනමුදු නොවරදවා මල් පිපී ඇත ගහ කොල නිල මත... ඩෝසන් ප්‍රීති 241009

පෝල් කෲග්මන් , නුඹෙන් අසන්නට ඇත පැණයක් ...

Image
පෝල් කෲග්මන් අසන්නට ඇත පැණයක් නුඹෙන් දෙනු මැනවි යස පිළිතුරක්! ඇත ලෝ දම කැරකී නපුරට අහේනිය ර‍ට තොට සියළු මිල පිලිවෙත එනමුදු මුදල් හුත නහුත අසංඛත තම තම පසුම්බියට වැටෙන රටක් ලොව ඇත මිනිසුන්ගේ දහදිය මහන්සිය බදු ලෙස එකතු කර ජනපද භාණ්ඩාගාර සරි කොට එම අරමුදල් යට වී අත යට නෑ කමට පිරිසට කෙම් බිමක් ඇත සිරව අක්ශාංශ සහ දේශාංශ අතරක වානිජ කටයුතු ද අගණිත හිමිවෙමින් ඇත එක පවුලකට යහමින පොලවෙන් කඳුළු තෙල් ලෙස උනන කඳුළු බිඳුවකි මේ දෙර‍ණ මිහි මත ඉතින් සකි සඳ පෝල් ට්‍රිලියන ගාණක් රුපියල්ම ඕන වෙන ඉදිරි වසර දෙක තුනක කාලයක දූෂණයට පමණක්ම! විකිණෙන්නට තව ඉතිරිව ඇත්තේ මිනිසුන්ගේ ආත්ම පමණක් බව උඹෙ ආර්ථික න්‍යායට අසු ‍වෙනව ද පෝල්? පෝල් කෲග්මන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත් විගසම ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට විගහට ලැබෙනවා සිකුරුයි සත්තයි... ආර්ථික විද්‍යාවට දණ ගැහුණු මහ කොල්ලකාරී ධනේෂ්වරයෙන්ම උන්ටත් නොතේරෙන මේ ආර්ථික මූලධර්ම ගැන සොයා පළ කරන පත‍ පොතට ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට ලැබෙනවා සිකුරුයි සත්තයි... පෝල් නුඹ දැනගනියි එදාට සභාවේ හිඳ නුඹට ඔල්වරසන් දෙන්නට බඩට කන්ට නැති පිට පොතු එකට කොඳු ඇට පෙලට ඇලී ඇල් වතුරෙන් සැනැහී...

මම සිහිනයෙන් ඇවිදිමි

Image
මම සිහිනයෙන් ඇවිදිමි රත් හඳුන් සලපතල මග දිග තුඟු බඳින් අහස් කුඹ සිඹි මහ රුක් ද හෙල්මැලි පිය තඹර සුපිපි වන විල් ද අමතකව නොබලා හැරදමා මම සත්‍යකාමීව සැරිසරමි ස්වයංවරකාමයෙන් මත් වෙමි සුගන්ධවත් වනපස මලින් පුද ලද සුධීශ්වර ශෛලමය සුගත් රූ පාමුල කඳුලු වගුරවමින් සිටින ඇයගේ රුව රැඳි ඇක්‍රිලික් චිත්‍රය වනන්තර බිත්තියේ මා පසෙක එල්ලී සිටී නිහඩවම. ඈ වගුරන කඳුලින් බිත්ති තෙමී ගලා යයි සුදුහුණු තට්ටු මත බැඳෙමින් ලවණ ගලා යයි; ගලා කැටි වෙයි තුරුලිය'තර පස් කැටිති මත දියව උදෑසන පින්න සේ දිලිසෙමින් මාගේ පාපයන් සේදී යයි! අභිනිෂ්ක්‍රමණ අධ්‍යාශයෙන් මැඩුනු ඇගේ අතගත් තරුණ සිදුහත් සිටී දකුණත මගුල් ඡායාරූපය ස්ටූඩියෝවෙන් අත්පිට මුදලට ‍මිලට ගත් බිත්තියේ දෙදෙනාම එකට එල්ලී කැටයමින් හැඩව ගිය රාමුවක වටකර සිවු දෙසින් අභිනිෂ්ක්‍රමණ කඩුලු උස්කර. වනය දෙවනත් කරන උලලේනෙක් විනිවිදන හඩ කම්පනය කරවයි මා සිහිනය ඈ ගැබ්බරව හිඳී තුන්දොසින සංසේචනය වී ඇත දොම්නස කිසි දෙයක් නූපදින වන්ධ්‍ය බීජය පාම් බිත්තර ක්ලෝන ගිල ගත් රුහිරු ජල බිඳු ලෙසට දිය වුන විලිරුදා ආවේසයෙන් සඳ ගිලෙන මහා රාත්‍රියක අග ඈ වදයි අභිනිෂ්ක්‍රමණ සිතියම... සත් පියුම් මති...

දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ; අපි නොවේ...

Image
දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ; අපි නොවේ... දකුණු දිග ආකාහේ- නිල්වලා ගං වැලිතලේ -ගිංගඟේ දිසි මායිමේ අහස මැද සුදු සළු වසා- වළාකැටිති ද ඔප වෙලා- හරිත වන පෙත එලි වෙලා ලිය ගොමුව සඳකැන් පෙරී -රැය ද පිබිදෙයි යලි යලි -භෘංග සේනා යලි වඩි වසත් සම යලි පීදිලා -උයන් ගොමු හැම වී මුලා- දසත හමවයි නවනුරා නිල් ලප‍ල්ලේ වැදි සරා -සිකර මුදුනත වී සැඩා -හිරැද හිනැහෙයි වී පබා ගොල්ල මත වූ නිදි කිරා- අසත් ගී මුව මී පුරා- ඇසෙත් අමයුරැ ගී සරා මිහිමත බට ඒ සුරලියා -අමතමින් ඇත ගොවි දනා -රුපුන් නැති සිය ඔද වඩා මිහිතලයම ඇත වී සුභා...අනඟහස මුව මුව පුරා -දනන් තුටු සිත් පිපිරිලා -සතුට උතුරයි සියොළඟා වරණ දීමෙන් දෝ පුරා- ඇතෙක් බර වස්තුව ලෙසා -දී බහක් ඈ මුවපුරා-සිටියි සිරිකත මිහි වැඩා... ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 081009

කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...

Image
කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට... මිනිසා ශබ්දය රස විඳින්නට ගත් උත්සාහය ඉතාම ප‍්‍රාථමික මට්ටමේ සිට ශබ්ද ප‍්‍රතිනිෂ්පාදනයට විදුලිය දායක වූ දිනයේ සිට වර්තමානයට එද්දී, එය මිනිස් සංජානන අවකාශයේ උපරිමය දක්වා ගමන් කර ඇතැයි යන්න නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් සුලබ වීමෙන් තහවුරු වේ. මීට දශක කීපයකට පෙර තනි ස්පීකරයකින් මොනෝ ක‍්‍රමයට සවන් දුන් මියැසි රාවය ස්ටීරියෝ ක‍්‍රමයට පරිවර්තනය වී දෙසවන් හි පිහිටුමේ ස්වාභාවික බවත් සංගීත තරංග වල අවකාශීය පැවැත්මේ ගුණාංගත් එකට ගෙන වඩාත් සජීවි අවකාශ තලයකට ගෙන ඒමෙන් සරවුන්ඞ් ශබ්ද පද්ධති ලෙස අද වඩාත් ප‍්‍රචලිත නිවාස තුල අත්විඳිය හැකි තියටර් පද්ධති දක්වා ද විකාශය වී ඇත. මෙනයින් ශබ්දය කණ කරා ඒමේ යාන්ත‍්‍රණය ස්වාභාවික ශබ්දයේ සජීවි බව ප‍්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය හරහා වඩ වඩාත් ලං වන්නේ මිනිස් සංජානනය ස්වාභාවික ලෝකයෙන් කෘතිම ලෝකය මායිම් කළ බාධා බිඳ හෙලීමයි. එනමුදු සංගීතයේ සප්ත ස්වරය වෙනස් වූයේ නැත. ශබ්දය කණ කරා ගමන් කිරීමේ අවකාශය පමණක් ස්වාභාවිකත්වයට වඩාත් ලං වී ඇත. මේ උදාහරණය මා ගෙනෙන්නේ කවියේ වර්තමාන අවකාශීය සැකසුම ශිලා ලේඛනයෙන් පුස්කොල පත් ඉරුවෙන් කඩදාසියටත්, ඉන් නොනැ...

සූදු අන්තුවා-සකුණි රෑපසිංහ

Image
සූදු අන්තුවා දුටු පමණින් රක්ත වර්ණ හදවතක් සූදුවට ලොල්ව මම ඒ තුලම ගිලුණ විට අමතක උනා මට ප්‍රේමයට ඔට්ටු ඇල්ලුවාට සින්න වෙන්නේ මගේ මුලු ජීවිතයම වග... දුටු මතින් ඇසූ මතින් වැඩි දුරක් නොහිතාම කොළ ටික බදාගෙන අනාගත්තාට නොදැක්කෙමි මම රජුන් සඟවාගෙන සිටි අසිපත... නොදැනුනි නික්ම යන තුරු ආත්මයේ ප්‍රාණ වායුව සිඳ ඇති බව මගේ ගෙල නොදැනුවත්වම... ඔට්ටු නැත දැං ඉතිං තුරුම්පු ලැබුනාට පණ ලැබිය නොහැක යළි ආත්මය මිය ගොස්ය ප්‍රේමයට මුලා වී ගිලී මේ සූදුවේ ජීවිතය සින්න වී ගොස් අවසන්ය ... මලී [සකුණි රෑපසිංහ] සකුණිගෙ [මලී] කවිය මම ඉස්සෙල්ලම කියවද්දී එක පාරටම සිහියට ආවෙ ජනක මහබෙල්ලනගේ රුයිත දහය. ඒ නමින්ම වු කාව්‍ය සංග‍්‍රය සහ ඒ කවිය. ඇස නොගැටුන අයෙක් ගේ කියවීමට මම එය මෙහි අමුණන්නම්. රුයිත දහය ඉලවු ගෙදර පැට‍්‍රල් මැක්ස් එලියෙන් මගේ දෑස තුලට ගලා ආ රුයිත දහය කන්නට ගිය විට මෙසය පුරා විසිරුනු මල් රුයිත දහය නිදන්න ගිය විට කාමරයේ පුරාත් රුයිත දහය ඇගෙ පියයුර නිතඹ දනිස වැසුනු ගවුම රුයිත දහය ඇගෙ පහස ඇගෙ සුවඳ ඇගෙ සෙනෙහස රුයිත දහය අවසන් වර ඇගෙ දෙනෙතින් මා දුටුවෙත් රුයිත දහය ජනක මහබෙල්ලන මම මෙ කවියට අසාධාරණයක් කලා අත්තනෝමතිකව ඒ...

වළාකුළු

Image
වළාකුළු වළාකුළු ඔය තරම් ඉහලට ඉහල අහසට නැගුනි ද කෙලෙසක සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්? කඩා වැටෙන්නට එපා අද හෙට ඉන්නේ අපි තවමත් නිරාවරණව! වළා පටල තිමිරය ඉරා ගෙන පොළව මතුපිට විසිරි දිය රළ උඩට එසවී දුමාරය වී සැඩ හිරැගේ රස්නෙන්ම පමණ ද ඉහල නැගුනේ ආකාහේ මේ? නැද්ද අප දුක් තාප පීඩා හුමාලය ලය තුලින් පිට වුන? වළාකුළු ඔය තරම් ඉහලට ඉහල අහසට නැගුනි ද කෙලෙසක සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්? කඩා වැටෙන්නට එපා අද හෙට ඉන්නේ අපි තවමත් නිරාවරණව! ඊ ඒ ඩෝසන් ප්‍රීති 031009

අද ලෝක ළමා දිනය

Image
අද ලෝක ළමා දිනය අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යායේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා. " අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා. චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය, "තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක, අනුන් වෙනුවෙන් දුවන්න ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද? ලිහිණි http://www.boondi.lk/