Posts

Showing posts from March 15, 2009

දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව -කීර්ති වැලිසරගේ

Image
දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව අද රාත‍්‍රිය මට ගෙවා යන්නට අත්වැල ඇල්ලුවෙ මසිත ඉමහත් ප‍්‍රමෝදයක ගිල්වමිනි. හෝරා කීපයක් කීර්ති වැලිසරයන්ගේ මෙ කෙටි කතා සංග‍්‍රහය සමග ගෙවූ මා හට දැනුනේ ඈත ගම් බිම් පරණ නෑයන් සොයා ගොස් නැවත ආ ගමනක් බඳු හැගීමකි. ඒ මන්ද යත් කීර්ති කතා ලියන රීතිය හේතුවෙනි. ඒවා යථාර්ථ රීතියේ උපරිමය සේ මට හැගෙන්නේ ඔහු සිදුවීම් සහ අවකාෂ මෙන්ම ආකෘතිය ද සුසංයෝජනය කර ඉතා සුළු අන්තර්ගතයකින් මහ විසාල අත්දැකීමක් කරා කියවන්නා කැඳවා යන බැවිනි. මෙහි කෙටි කතා නවයක් වුව ද 'වතුර' කෙටි කතාව එහි දිගම කෙටි කතාවයි. අනෙක් කෙටි කතා වඩාත් කෙටි වී ඇත. 'ඇඳ කබල' කතාව අපට ඉතාම සමීප අත්දැකීමක් වඩාත් මනෝ විද්‍යාත්මක තලයක ඔසොවා තබමින් රචිත අගනා වියමනකි. 'ගැලවීම' ද පාරභෙතික මානසික අපේක්ෂාවන් භෙතිකය තුල විශද වන අයුරු පෙන්වා දෙන සුලබ අත්දැකීමකි. 'දහමන්දරී' සහ 'බෙලෙක්' පුද්ගල චර්යා කෙරෙහි අමුතු බැලුම් හෙලයි. 'දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව' සිහි ගන්වන්නේ මා කලකට පෙර නැරඹූ චිත‍්‍රපටයක එන දසුන් කීපයකි. එම චිත‍්‍රපටයේ කුඩා දරුවන් වෙඩි උණ්ඩ අහුලමින් එකතු කරන්නේ ඒවා ස...

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 19

Image
ක්වොන්ටම් ලෝකය රාවණ සමග මුහුණට මුහුණ ලා සටන් වැදීම සඳහා රාම ද පෙරමුණ ගත්තේය. හනුමාන් සිය උරහිසින් රාම ඔසවා ගෙන සිටියේය. මෙ සටනේ දී ලක්ෂ්මණ යළිත් විසඥ වී වැටුණේය. රාවණ ද තුවාල ලැබීය. ඔහුගේ අතින් අවි ගිලිහී බිම වැටිණ. කිරුළ බිඳී ගියේය. යුද රිය අබලන් විය. නිරායුධ රාවණ රාම අභිමුව අන්ත අසරණ ලෙස බලා සිටියේය. රාම ඔහු ඇමතීය. "දැන් ආපසු යනු. ආයුධ සන්නද්ධව හෙට යළි රණබිමට එනු." වසර දහස් ගණනාවකට පසු ප‍්‍රථම වරට රාවණ අසරණ වී සිටියේය. අනෙකකුගේ අනුකම්පාවට පාත‍්‍ර වී සිටියේය. හේ පරාජිත හැගීමෙන් මඩනා ලද්දේ මාලිගය බලා පසු බැස්සේය. දැන් රාවණට සිය ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි තැනැත්තා වූයේ සිය දෙටු සොයුරු කුම්භකර්ණ ය. කුම්භකර්ණ වනාහි වඩාත් දීර්ඝ කාලයක් නිදා ගැනීම සම්බන්ධයෙන් චිරප‍්‍රසිද්ධ තැනැත්තෙක් විය. ඔහු නිදෙ‍්‍රාපගත වූ විට නින්දෙන් අවදි කිරීම සඳහා සේනාංකයක් යෙදිය යුතු වූයේය. මෙ මොහොතේ ද කුම්භකර්ණ අවදි කිරීම සඳහා රාවණ විසින් එබඳු සේනාංකයක් යොදවන ලදී. ඔව්හු කුම්භකර්ණ වටා එක්රැස් ව බෙර හා නලා ආදිය හැඩ වූහ. මාස ගණනාවක් එක දිගට නිදා ගන්න කුම්භකර්ණට, හදිසියේ අවදි වූ විට සා ගින්න ඉවස...

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි රෝස මල් නොපිපෙන්න හිස සගව සැගවෙන්න පෙති හකුල ලතැවෙන්න කටු තුඩුම පොපියන්න නටු බඳේ කටු ඇන්න බඹරුන් ද සිත් තැවුන වෙඩි මුසුව මද නලට මළ බෙර වයන කොවුල් නද දෑතින්ම පස පෙරළ රෝස මල් වලලන්න... ඩෝසන් පී‍්‍රති 2009 03

මිල්ලේ සොයා ගැන පරණ මතකයක්...

Image
මිල්ලේ සොයා "දවසක් එනවා..." MILLE SOYA-BUONGIORNO ITALIANO This film has shook the cinema industry as well as spectators ideologies of being passing youth with social impacts of a miserable country with consecutive two revolutions on the history of bloody risings of marxist and ethnic struggles. In the sense of a cinema work piece this introduces non linear development of thoughts for a human behaviuor in nature as it is captured into celolide as it is. In breif Boodee's this film work will be an pro founding era of sri lank an cinema industry diversified with rythmic poetry sense fabrication into cinema and very new experience for spectators. BUONGIORNO ITALIANO I was posting this blog in 2004, the days I was really mad on this movie.

Machan-a Review ['මචං' ගැන කෙටි සටහනක්]

Image
I got the opportunity of watching "Machan" at "5th Dubai InternationalFilmFastival-December 11-18 , 2008" on its second day, 12th. Its yesterday, of course i couldn't stop writing about this film sincei came out from the 12th theater hall of "Mall of the Emirates-Cinestar". such gravity of writing about this film is an accident, in fact totally unexpected. Anyway i reached the theater 3 hours before knowing how the Dubai behaves in such fast phased environment, always surprises take place, so to avoid any miracle there at the MOE[Mall of The Emirates] I prepared go there in advance. Timings of screening could go up and down depending on the demands or some other reasons because Dubai is a miracle land floating on money, simply on cash flow! not funny at all... Dubai is in the other hand the place where all the youth keeping full of hopes to up-lift their lives in an instantaneous fraction of time as the opportunities are superfluous. Here we daily expe...

ත‍්‍රිකුණාමලය පැත්තේ සිදුවීමක්...

ත‍්‍රිකුණාමලය පැත්තේ සිදුවීමක්... වයස විසිතුනක තරුණයෙක් එෆ් එම් නාලිකාවක් ඇරඹීමට බලපත‍්‍රය ලබා ගැනීමට සල්ලි සොයා ගන්න පළමු වසරේ ඉගෙනුම ලබන දැරිවියක් පැහැර ගෙන ඇත්තේ රුපියල් කෝටි තුනක කප්පමක් ලබා ගැනුමටය. ඔහු දැරිය මරා දමා පොහොර උරයකට දමා ඇත්තේ කප්පම් ලබා ගත් පසුව දැරිය තමන් ඇතුලු කල්ලිය ගැන දෙමාපියන්ට පවසාවි යැයි සිතුනු හෙයිනි. අධිකරණ වෛද්‍යවරයා කරා සැකකරු රැුගෙන යද්දී ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල සපා පැන යන්නට උත්සාහ කරද්දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. මිය ගිය තැනැත්තා ජනසන්නිවෙදනය පිලිබඳ උපාධියක් සහ පරිඝනක මධ්‍යස්ථානයක හිමිකරුවෙකි. මෙවැනි මිනිසකු නිර්මාණය කළ අධ්‍යාපන ක‍්‍රමය සමාජ ක‍්‍රමය ආර්ථික ක‍්‍රමය අපි ප‍්‍රශ්න නොකර මිය ගිය දරුවා ගැන ශෝක වෙමු මිය ගිය අපරාධකරු ගැන සතුටු වෙමු අපේ දරුවකුට එවැනි ඉරණමක් අත් නොවෙවායි ප‍්‍රාර්ථනා කරමු. මෙවා සියල්ල කොතරම් භයානක විහිළු ද? මොහු අරඹන්නට යෙදුනු එෆ් එම් නාලිකාව කුමන ආකාරයේ එකක් විය හැකිව තිබුනා ද? දිවයිනෙ නිවුස් එක මෙතනින්... ලංකාදීපෙ නිවුස් එක පින්තූරත් එක්කම මෙතනින්...

ඇවිලෙන මතක-මහේෂ් මුණසිංහ

ඇවිලෙන මතක උඹ ඉන්න බවවත් දන්නෙ නැතිවිට මේ ඉන්න කළුවර ගොළු වැඩියි මට ඉස්සර වගේ ඇවිදින් ළඟට වෙච්ච වින්නැහි කියවපං එකින් එක සිංහල කකුල් වලින් බේරෙන වන්නියෙන් පෙඟුණ ලේ දැක දැක හිස උස්සා - නුඹෙ මූණ බලන්නට බැරිමුත් අහං ඉන්නම් මම දෑස් විද කකියන හිස් අහසට මහ බෝම්බය පිපිරී මහ කොළඹ කැළඹී මස් වැදලි අරං කාක්කන් ඉගිල්ලූන හාංකවිසියක් වත් නොදැන සිටිමුත් උඹෙ පරපුරේ උන් කළ වැරැද්දට මූණ හැංගුනි දවල් රෑ එක දිගට හොරැහින් බැලූව හැමවර එහි ලියැවුනු එකම වැකියකි ‘සමාව දීපං මට’ චෙක් පොයින්ට් කඩුල්ලේ පැටලී උඹ හිරවුනේ ආණ්ඩුවෙ හැඳුනුම්පතේ ඇති දෙමල අකුරට කුණු වචන වලින් පහුරු ගා නිල ඇඳුම් ලෑ පිරිවර හිස් අතින් ඇවිත් ඇත්තෙමි කීපවර උඹව අත්හැර රෑකින් දෙකකින් එලියට වීසිවුන උඹෙ හෙම්බත් මූණ මම කොහොම කෙළින් බැලූවද උඹෙ සනුහරේ වැරැද්දට උඹ හිස නූස්සන මගෙ සනුහරේ වැරැද්දට මම හිස නූස්සන කාලය නිමාවී එක සීරුවට මූණට මූණ බලාගෙන ඇස් වලින් හිනාවෙන අළුත් දවසක් ඒවිදැයි දන්නෙ කොහොමද උඹ ඉන්න බවවත් දන්නෙ නැතිවිට මහේෂ් මුණසිංහ 2009 03