Friday, March 20, 2009

දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව -කීර්ති වැලිසරගේ

දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව අද රාත‍්‍රිය මට ගෙවා යන්නට අත්වැල ඇල්ලුවෙ මසිත ඉමහත් ප‍්‍රමෝදයක ගිල්වමිනි. හෝරා කීපයක් කීර්ති වැලිසරයන්ගේ මෙ කෙටි කතා සංග‍්‍රහය සමග ගෙවූ මා හට දැනුනේ ඈත ගම් බිම් පරණ නෑයන් සොයා ගොස් නැවත ආ ගමනක් බඳු හැගීමකි. ඒ මන්ද යත් කීර්ති කතා ලියන රීතිය හේතුවෙනි. ඒවා යථාර්ථ රීතියේ උපරිමය සේ මට හැගෙන්නේ ඔහු සිදුවීම් සහ අවකාෂ මෙන්ම ආකෘතිය ද සුසංයෝජනය කර ඉතා සුළු අන්තර්ගතයකින් මහ විසාල අත්දැකීමක් කරා කියවන්නා කැඳවා යන බැවිනි.

මෙහි කෙටි කතා නවයක් වුව ද 'වතුර' කෙටි කතාව එහි දිගම කෙටි කතාවයි. අනෙක් කෙටි කතා වඩාත් කෙටි වී ඇත.

'ඇඳ කබල' කතාව අපට ඉතාම සමීප අත්දැකීමක් වඩාත් මනෝ විද්‍යාත්මක තලයක ඔසොවා තබමින් රචිත අගනා වියමනකි.
'ගැලවීම' ද පාරභෙතික මානසික අපේක්ෂාවන් භෙතිකය තුල විශද වන අයුරු පෙන්වා දෙන සුලබ අත්දැකීමකි.
'දහමන්දරී' සහ 'බෙලෙක්' පුද්ගල චර්යා කෙරෙහි අමුතු බැලුම් හෙලයි.
'දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව' සිහි ගන්වන්නේ මා කලකට පෙර නැරඹූ චිත‍්‍රපටයක එන දසුන් කීපයකි. එම චිත‍්‍රපටයේ කුඩා දරුවන් වෙඩි උණ්ඩ අහුලමින් එකතු කරන්නේ ඒවා සෙල්ලම් බඩුය සිතාය. ගුණපාල පෝස්ටර සමග ඇති ගණුදෙනුව ද ඒ පුංචි එවුන් මෙන්ය.

කීර්ති වැලිසරයන්ගේ මෙම කෙටි කතා සංග‍්‍රහයට 1995 විශිෂ්ටතම කෙටි කතා සංග‍්‍රහයට පිදුණු උපාලි පුවත් පත් සාහිත්‍ය සම්මානය ලද්දේය.
ගුණපාල මෙසය යටින් පෝස්ටරය එළියට ඇද ඒ ඉදිරියේ ඇන තබා ගත්තේය. අනතුරුව ඔහු සිය බිරිඳ ළගට කැඳවා ගත්තේ, පෝස්ටරයේ ලියා ඇති සියල්ල ඇය ලවා කියවා තේරුම් කර ගත්තේය.
'මව් බිම...'
'මව් බිම...?'

'ඇයි...? මව් බිම කියන්නෙ රටට නේ...'

'ඔව්...රටට තමා...රටට ඉතිං...'

'....................................ඉතිං...'

'ඉතිං මෙකෙ කියන්නේ........'

'...................................'
'...................................'

'මෙ පොඩි අකුරු........?'

'.............................'
'.............................'
'.............................'
ගුණපාල ඒ සතිය අවසානයේ තවත් පෝස්ටරයක් පෙර පරිද්දෙන්ම ගලවා ගෙන ආවෙය. රාත‍්‍රියේ බිරිඳ හා එකතුව හැකි තරමින් අකුරු අමුණමින් ඒවා තේරුම් කර ගැනීම ඔහුට මහත් ආස්වාදයක් විය.
අකුරු කියවන්න කවදාවත් නොදැන සිටි එනමුත් තමා වටා සිදුවන මහ විශාල පෙරලි වටහා ගන්නට අසීමිත කුහුලකින් ජීවත් වුන ගුණපාලගේ ඉරණම විසඳුනේ විමුක්තිකාමීන් අතින් ද නැත්නම් රජයේ බල සේනා අතින් දැයි සොයා දැනගන්න 'දෙ‍්‍රාහියෙකුගේ අභ්‍යන්තර කතාව' නැවත නැවත කියවන්නට මගේ සිත මට බල කරයි.
ප‍්‍රවීන විචාරක පුවත්පත් කලාවෙදී සේපාල් අමරසිංහයන් විසින් කීර්ති වැලිසරයන්ගේ 'දෝනාවක් ඔස්සේ' නම් වූ කෙටි කතා සංග‍්‍රහය ගැන දිනමිණ පුවත් පතේ පළ කළ විචාර ලිපිය මෙතනින් කියවන්න..

Thursday, March 19, 2009

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 19

ක්වොන්ටම් ලෝකය

රාවණ සමග මුහුණට මුහුණ ලා සටන් වැදීම සඳහා රාම ද පෙරමුණ ගත්තේය. හනුමාන් සිය උරහිසින් රාම ඔසවා ගෙන සිටියේය. මෙ සටනේ දී ලක්ෂ්මණ යළිත් විසඥ වී වැටුණේය. රාවණ ද තුවාල ලැබීය. ඔහුගේ අතින් අවි ගිලිහී බිම වැටිණ. කිරුළ බිඳී ගියේය. යුද රිය අබලන් විය. නිරායුධ රාවණ රාම අභිමුව අන්ත අසරණ ලෙස බලා සිටියේය. රාම ඔහු ඇමතීය. "දැන් ආපසු යනු. ආයුධ සන්නද්ධව හෙට යළි රණබිමට එනු." වසර දහස් ගණනාවකට පසු ප‍්‍රථම වරට රාවණ අසරණ වී සිටියේය. අනෙකකුගේ අනුකම්පාවට පාත‍්‍ර වී සිටියේය. හේ පරාජිත හැගීමෙන් මඩනා ලද්දේ මාලිගය බලා පසු බැස්සේය.

දැන් රාවණට සිය ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි තැනැත්තා වූයේ සිය දෙටු සොයුරු කුම්භකර්ණ ය. කුම්භකර්ණ වනාහි වඩාත් දීර්ඝ කාලයක් නිදා ගැනීම සම්බන්ධයෙන් චිරප‍්‍රසිද්ධ තැනැත්තෙක් විය. ඔහු නිදෙ‍්‍රාපගත වූ විට නින්දෙන් අවදි කිරීම සඳහා සේනාංකයක් යෙදිය යුතු වූයේය. මෙ මොහොතේ ද කුම්භකර්ණ අවදි කිරීම සඳහා රාවණ විසින් එබඳු සේනාංකයක් යොදවන ලදී. ඔව්හු කුම්භකර්ණ වටා එක්රැස් ව බෙර හා නලා ආදිය හැඩ වූහ. මාස ගණනාවක් එක දිගට නිදා ගන්න කුම්භකර්ණට, හදිසියේ අවදි වූ විට සා ගින්න ඉවසා දරා ගත නොහැකි විය. එවිට ඔහු කරන්නේ අතට හසුවන කවරකු හෝ වෙවා ගිල දැමීමය. එ බව දන්නා රාවණ ආහාර තොග පිටින් තැන තැන කඳු ගසා තිබිණ. කුම්භකර්ණ බෙර නලා හඩින් අවදි නො වූ තැන පිරිස එක් රැස් වී ඔහුට දඩු මුගුරු වලින් තැළූහ; ඔහු ඒ මෙ අත ඇදගෙන ගියහ; ඇතුන් ලවා පෙරළා දැමූහ. අවසානයේ දී කුම්භකර්ණයා අවදි විය. ඔහු සිය යෝධ දෑත් විදහා නිදිගැට හරිත්ම ඔහු වටා සිටි සමහරු තැලී පොඩි වී ගියහ. ඔහු කඩිනමින් කඳු ගසා තිබුණු ආහාර ගිල දැම්මෙය.

"ස්වාමීනි! සටනින් අප පරාජය වන බව පෙනේ" කුම්භකර්ණ වෙත එළමුණු අමාත්‍යවරු දන්වා සිටියහ.

"කවර සටනෙක්දැ?"යි කුම්භකර්ණ විමසීය. බොහෝ කල් නිදෙ‍්‍රාපගත ව සිටි ඔහු රාම-රාවණ සටන ගැන නොදැන සිටියේ ය.

"ඔබතුමාගේ සොහොයුරා රාම සමග යුද්ධයකට පැටලී සිටී. සතුරෝ අපගේ බලකොටු බිඳ ලමින් සිටිති." යි ප‍්‍රධාන අමාත්‍යවරයා කීවෙය.

"මෙ බව මට කල් තබා නොදැන්වූයේ මන්දැ?"යි කුම්භකර්ණ කෝපයෙන් ගුගුලේය. "තවමත් ප‍්‍රමාද නැත. රාම ගැන මම වග බලා ගන්නෙමි. ඔහුගේ අවසානය එළඹ තිබෙ" යැයි පැවසූ කුම්භකර්ණ, රාවණ සොයා ගියේය.

"ඔබ අප කිසිවකුගේ උපදෙස් නො තකා ක‍්‍රියා කළේය" කුම්භකර්ණ, රාවණ අමතා කීය. "ඔබ විසින් කළ යුතුව තිබුණේ රාම සමග සටන් වැද සීතාව දිනා ගැනීමයි. ඔබ අනුරාගයෙන් මුලා වී අත්තනෝමතික ව කටයුතු කළේය. දැන්, යටගිය දේ ගැන කතා කරමින් සිටීම නිෂ්ඵලය. එහෙත් අන්‍යයන මෙන් මම ඔබ තනි නොකරමි. රාමගේ හිස කපා තැටියක තබා ඔබ වෙත ගෙනෙමි" යි කුම්භකර්ණ දිව්රීය.

කුම්භකර්ණගේ පැමිණීමත් සමග සංග‍්‍රාම භූමිය කැළඹී ගියේය. ඔහු දහස් ගණන් වානරයන් ගිල දමමින් ඉදිරියට ඇදෙන්ට විය. ඔහුගේ අතට පත් වූ මහ බලැති සුග‍්‍රීවගේ ද අවසන් මොහොත එළඹෙමින් තිබිණ. කුම්භකර්ණ නසා දමන්ට නම් තමන් ම පෙරමුණ ගත යුතු බව රාමට අවබෝධ විය. රාම තියුණු හී සර යවමින් කුම්භකර්ණගේ අත් පා සිඳ දැමීය. තවත් හී සර පහරකින් ඔහුගේ හිස කපා වැටිණ. කුම්භකර්ණගේ අවසානය එය විය.

එ පුවත ඇසූ රාවණ "මගේ දකුණ'ත කැපී ගියේ යැ"යි වැලපෙන්ට වූයේය.

"නො වැලපෙන්න. මහා බ‍්‍රහ්මයා විසින් ප‍්‍රදානය කරන ලද අපරාජිත භාවය තවමත් ඔබ සතු ව පවත්නා බව අමතක නොකරන්නැ"යි කියමින් අමාත්‍යයෝ ඔහු අස්වැසූහ. "මා ජීවත් ව සිටින තාක් කල් ඔබ බිය විය යුතු නැතැ"යි පැවසූ රාවණ පුත් ඉන්ද‍්‍රජිත්, වහා රණබිම කරා ගියේය.

ඉන්ද‍්‍රජිත්, අදෘශ්‍යමාන ව සටන් වැදීමෙහි ද ඉන්ද‍්‍රජාලා මවා පෑමෙහි ද සමතෙක් විය. එනයින් හේ සතුරු සෙනග වික්ෂිප්ත කර ඔවුනට බොහෝ අලාභ හානි සිදු කලේය. සීතාව ගේ රුවට සමාන රුවක් මැවූ ඔහු ඇය රථයක හිඳුවා ගෙනවුත් සංග‍්‍රාම භූමියෙහි දී මරා දැමීය. ඒ දුටු වානර හමුදාවෝ, "අපගේ සීතා දේවතාවිය මරා දැමූ කල අපි කුමක් අරභයා සටන් වදින්නමෝදැ?" යි යුද්ධය නවතා වැලපෙන්ට වන්හ. විභිෂණ වහා පැමිණ, ඒ වනාහි ඉන්ද‍්‍රජිත් ගේ ඉන්ද‍්‍රජාලයක් බැව් පහදා දී දුර්මුඛ ව ගිය වානර සේනා දිරිමත් කළේ ය.

දෙමළ රාමායනය
නව වන උල්ලාසය- රාම රාවණ සටන
ප‍්‍රතිකථනය මහාචාර්ය සුනිල් ආරියරත්න


රාමායනය කියවද්දී මට ක්වොන්ටම් යාන්ත‍්‍රික විද්‍යාව මතක් වුනා. අනිත් අතින් රටක මහ විසාල යුද්ධයක් කිලෝමීටර දසම ගණන් වලින් සීමාකාරී ශූන්‍ය කරා එළඹෙද්දී ක්වොන්ටම් ගැන කතා කිරීමත් ලෝක විහිළුවක්.

ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවෙ මූලික සංකල්ප ගැන යම් අවබෝධයක් ලබා ගැනීම කොයි කාටත් ප‍්‍රයෝජනවත් වනු ඇතැයි මට සිතුන බැවිනි මෙ ලියැවිල්ල.

සැබැවින්ම ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව සරල බසකින්ල සරල ගණිතයකින් පැහැදිලි කළ හැක්කක් නොවන වග එහි කිසියම් ගැඹුරක් දන්නා අයෙකුට වැටහී යනු ඇත. එනමුදු මෙ විෂය ක්ෂේත‍්‍රය පිලිබඳ කුමන හෝ අන්දමක සරල අවබෝධයක් ලබා ගැනුමට මෙය බාධාවක් කර නොගැනීමට මම උත්සාහ කරමි. එය කෙතරම් දුරකට සාර්ථක වන්නේ දැයි මෙම ලිපි කියවන ඔබ විසින් නිර්ණය කළ යුත්තකි.

අනෙක් අතට ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව පිලිබඳ යම් අවබෝධයක් නැති වීම කවර කලෙකවත් එදිනෙදා ජීවිතයට නම් බලනොපානු ඇතැයි මගේ විශ්වාසයයි. සමහර විට එවැනි දැනුමක් ඇති අයෙකුගේ අවබෝධය වඩාත් පළල් වෙ යැයි සිතීමට හෝ ඇති ඉඩකඩක් ද නොවෙ. එහෙයින් ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව හැදෑරීම කිසිවකුගේ කුතුහලය සංසිඳවීමක් මිසක් වෙන අන් අරමුණක් නොවනු ඇති වග මම තරයේ විශ්වාස කරමි.

වරක් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ලියා පළ කල ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිකය නම් පොත ගැන පෙරටුගාමී පක්ෂය කළ සඳහනක වූයේ එවැනි විද්‍යාත්මක හැදෑරීමක් ප‍්‍රායෝගික දේශපාලන ව්‍යාපාරයකට කිසිදු සවිඥාණික සම්බන්ධයක් නැති බැවින් එවැනි දේ සඳහා තම කාලය මිඩංගු නොකරන බවය. එබඳු අදහස්වලින් ගම්‍ය වන්නේ ක්වොන්ටම් යාන්ත‍්‍රණය හුදෙක් අප වැනි පරිධියේ රටක ජීවත් වන්නන්ට මතුපිටින් කියවා දැන ගැනීමකට වඩා යමක් වුවමනා නොවන වගය. එය එසේ නොවන වග මම අදහමි.

ඔව් අප ඒ සියළු මතවාද ඉවසමු.

ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව ගැන සිංහල මාධ්‍යයෙන් ලියැවුනු ලිපි ලේඛන ද හිග මෙකල ඒ පිලිබඳ මෙලෙස ලියන්නට උත්සාහ කිරීමද එක්තරා අන්දමක අභියෝගයකි. මගේ මතකයට අනුව මම අනූ ගණන් වල මුල් කාලයේ කීර්ති තෙන්නකෝන් නමැති ආචාර්යවරයකු විසින් ලියා පළ කළ ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යා පොත් පිංචක් කියවා ඇත්තෙමි. එමෙන්ම මෙ විෂය සම්බන්ධව ප‍්‍රාමාණික උගතුන් ලංකාවෙ සිටිනා බැවින්, මවිසින් මෙහි ලියා තබන යමක දෝෂයක් වෙතොත් ඒවා නිවැරදි කරන්නට ද ඔවුනට ඉඩ අවකාෂ ඇති වග නිහතමානීව සඳහන් කරමි. එමෙන්ම ඒ සඳහා ආරාධනා කරන්නට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

Tuesday, March 17, 2009

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි

වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි

රෝස මල් නොපිපෙන්න හිස සගව සැගවෙන්න
පෙති හකුල ලතැවෙන්න කටු තුඩුම පොපියන්න

නටු බඳේ කටු ඇන්න
බඹරුන් ද සිත් තැවුන
වෙඩි මුසුව මද නලට
මළ බෙර වයන කොවුල් නද

දෑතින්ම පස පෙරළ
රෝස මල් වලලන්න...


ඩෝසන් පී‍්‍රති
2009 03

Monday, March 16, 2009

මිල්ලේ සොයා ගැන පරණ මතකයක්...

මිල්ලේ සොයා "දවසක් එනවා..."

MILLE SOYA-BUONGIORNO ITALIANO

This film has shook the cinema industry as well as spectators ideologies of being passing youth with social impacts of a miserable country with consecutive two revolutions on the history of bloody risings of marxist and ethnic struggles.
In the sense of a cinema work piece this introduces non linear development of thoughts for a human behaviuor in nature as it is captured into celolide as it is.
In breif Boodee's this film work will be an pro founding era of sri lankan cinema industry diversified with rythmic poetry sense fabrication into cinema and very new experience for spectators.

BUONGIORNO ITALIANO







I was posting this blog in 2004, the days I was really mad on this movie.

Machan-a Review ['මචං' ගැන කෙටි සටහනක්]

I got the opportunity of watching "Machan" at "5th Dubai InternationalFilmFastival-December 11-18 , 2008" on its second day, 12th. Its yesterday, of course i couldn't stop writing about this film sincei came out from the 12th theater hall of "Mall of the Emirates-Cinestar".

such gravity of writing about this film is an accident, in fact totally unexpected. Anyway i reached the theater 3 hours before knowing how the Dubai behaves in such fast phased environment, always surprises take place, so to avoid any miracle there at the MOE[Mall of The Emirates] I prepared go there in advance. Timings of screening could go up and down depending on the demands or some other reasons because Dubai is a miracle land floating on money, simply on cash flow! not funny at all...

Dubai is in the other hand the place where all the youth keeping full of hopes to up-lift their lives in an instantaneous fraction of time as the opportunities are superfluous. Here we daily experience young people from all around the world, landing for better opportunities and they will enjoy the miraculous supply and demand theories of governing economic system based on entertainment creation. The affordability of fantasy in Dubai is so competitive and ranges from 50 Dhs to infinitely large sums of currency. The price of the dreams are vary from such a range and everybody has his destiny here.

The economic backgrounds play such a role in the lives of people living bounded by a simple geographical region in GCC.
Comparing the same relative truths on the land of the subjective Sri Lanka, it is always the reality of youth to become a migrant into somewhere else on this planet, other than to suffer the metaphysics on its grounds.
The reality is always a lot far from its imagination. Sri Lankan youth has this illusive mind to capture the good air in some other region of this planet especially in Europe. Their meta-dream made them such a creative to solve the paradox of obtaining VISA. It is the theme of this "machan" movie.
They worked out such a solution of getting out of it.
It is nothing far beyond that to discuss the miseries all made upon this dramatic representation of the saga.
I have my own fascinations on this art work. I think it is important to express those here in this lengthy writing just to make my sign here and on your mind , thank you for your patience on reading up to thispoint , please keep that to a little extent too...

In the movie, i found many places where I can feel the language of cinema comes out with its glory, i really fallen in love with it, with camera angles+light+emotions and sound.
The screen shot starting with the look back of the past of his hotel cleaner job profile, suddenly he could realize the hand dryer on the wall, how it become an imaginary enemy , strong metaphor of the same, to his symbolic code. He reacts before leaving the hotel job, as he already got visa to say goodbye to all of his pity , demolishing the hand dryer. This is a very strong psychological symbolization of his anger on the system which he suffered.
the other most beautiful cinematic+dramatic instance is the scene on the gathering of telling stories about German sluts and when the one who is telling the sadistic sexuality on his past experience, he stops somewhere in the mid of the story, explaining about a whipping by the woman to him and changes the story line to another scene. After few cine-minutes[time line of the movie] the scene transfers to the location where all are gathering again in front of the German Embassy waiting for the VISA. Everyone was concentrating on the response of the officers and one who was at the previous storytelling mode, still in his curiosity of knowing what happened after taking out that whip out of that German sluts bed underneath, he simply asks "whip taken out, then?" its a very dramatic scene showing the inner side of the human mind, of course during the struggle of overcoming everything, the sexual curiosity will find it's fulfillment of lack.
This movie has its own sign on the cinematic language which I felt in the dark, so technical.
I would appreciate Dharmapriya Dias and Gihan De Chickera on their warmth welcome at the cinema lobby as we could share a moment of pleasant time together, before going into the dome of celluloid's.

I went empty into theater. I came out with rich feelings on cine-magics...

Some likes enjoying the pity in dramatic form , for me it makes me to think different. This movie has big potential on making a real difference in youth aspects towards the myths of illegal migration.

ත‍්‍රිකුණාමලය පැත්තේ සිදුවීමක්...

ත‍්‍රිකුණාමලය පැත්තේ සිදුවීමක්...

වයස විසිතුනක තරුණයෙක්

එෆ් එම් නාලිකාවක් ඇරඹීමට බලපත‍්‍රය ලබා ගැනීමට සල්ලි සොයා ගන්න පළමු වසරේ ඉගෙනුම ලබන දැරිවියක් පැහැර ගෙන ඇත්තේ රුපියල් කෝටි තුනක කප්පමක් ලබා ගැනුමටය.

ඔහු දැරිය මරා දමා පොහොර උරයකට දමා ඇත්තේ කප්පම් ලබා ගත් පසුව දැරිය තමන් ඇතුලු කල්ලිය ගැන දෙමාපියන්ට පවසාවි යැයි සිතුනු හෙයිනි.

අධිකරණ වෛද්‍යවරයා කරා සැකකරු රැුගෙන යද්දී ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල සපා පැන යන්නට උත්සාහ කරද්දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

මිය ගිය තැනැත්තා
ජනසන්නිවෙදනය පිලිබඳ උපාධියක්
සහ
පරිඝනක මධ්‍යස්ථානයක හිමිකරුවෙකි.

මෙවැනි මිනිසකු නිර්මාණය කළ

අධ්‍යාපන ක‍්‍රමය
සමාජ ක‍්‍රමය
ආර්ථික ක‍්‍රමය

අපි ප‍්‍රශ්න නොකර

මිය ගිය දරුවා ගැන ශෝක වෙමු
මිය ගිය අපරාධකරු ගැන සතුටු වෙමු
අපේ දරුවකුට එවැනි ඉරණමක් අත් නොවෙවායි ප‍්‍රාර්ථනා කරමු.

මෙවා සියල්ල කොතරම් භයානක විහිළු ද?

මොහු අරඹන්නට යෙදුනු එෆ් එම් නාලිකාව කුමන ආකාරයේ එකක් විය හැකිව තිබුනා ද?

දිවයිනෙ නිවුස් එක මෙතනින්...

ලංකාදීපෙ නිවුස් එක පින්තූරත් එක්කම මෙතනින්...

Sunday, March 15, 2009

ඇවිලෙන මතක-මහේෂ් මුණසිංහ

ඇවිලෙන මතක


උඹ ඉන්න බවවත්
දන්නෙ නැතිවිට
මේ ඉන්න කළුවර
ගොළු වැඩියි මට
ඉස්සර වගේ
ඇවිදින් ළඟට
වෙච්ච වින්නැහි
කියවපං
එකින් එක

සිංහල කකුල් වලින්
බේරෙන
වන්නියෙන් පෙඟුණ
ලේ දැක දැක
හිස උස්සා - නුඹෙ
මූණ බලන්නට
බැරිමුත්
අහං ඉන්නම් මම
දෑස් විද
කකියන හිස් අහසට

මහ බෝම්බය පිපිරී
මහ කොළඹ කැළඹී
මස් වැදලි අරං
කාක්කන් ඉගිල්ලූන
හාංකවිසියක් වත්
නොදැන සිටිමුත්
උඹෙ පරපුරේ
උන් කළ වැරැද්දට
මූණ හැංගුනි
දවල් රෑ එක දිගට
හොරැහින් බැලූව
හැමවර
එහි ලියැවුනු
එකම වැකියකි
‘සමාව දීපං මට’

චෙක් පොයින්ට්
කඩුල්ලේ පැටලී
උඹ හිරවුනේ
ආණ්ඩුවෙ
හැඳුනුම්පතේ ඇති
දෙමල අකුරට
කුණු වචන වලින්
පහුරු ගා
නිල ඇඳුම් ලෑ පිරිවර
හිස් අතින්
ඇවිත් ඇත්තෙමි
කීපවර
උඹව අත්හැර
රෑකින් දෙකකින්
එලියට වීසිවුන
උඹෙ හෙම්බත් මූණ
මම කොහොම
කෙළින් බැලූවද

උඹෙ සනුහරේ
වැරැද්දට
උඹ හිස නූස්සන
මගෙ සනුහරේ
වැරැද්දට
මම හිස නූස්සන
කාලය නිමාවී
එක සීරුවට
මූණට මූණ බලාගෙන
ඇස් වලින් හිනාවෙන
අළුත් දවසක්
ඒවිදැයි
දන්නෙ කොහොමද
උඹ ඉන්න බවවත්
දන්නෙ නැතිවිට


මහේෂ් මුණසිංහ
2009 03