Posts

Showing posts with the label මුහුණු පොතේ කවි

මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීම

ප්‍රිය සහෘදය, මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීමට අපි තීරණය කර ඇති බැව් ඔබ සැම වෙත ඉමහත් සතුටින් දන්වා සිටිමු. මේ සඳහා කවි තෝරා ගැනීමට කවි ලියන අයට තමන්ගෙ නිර්මාන පෝස්ට් කිරීම සඳහා මුහුණු පොතේ " සත්කාර " නමින් ගෘප් එකක් නිමවා ඇත. එම ගෘප් එකේ පළකරන ඔබගේ නිර්මාන සඳහා එහි ඇඩ්මින්වරු විසින් ප්‍රකාශ කරනු ලබන චන්දවලින් බහුතරයක් ලබන කවි එම උක්ත කවිපොතට ඇතුලත් කර ගන්නට ක්‍රමවේදයක් සකසා ඇති බැවින් ඔබට දැනෙන තමන්ගේ ප්‍රශස්ත නිර්මාන එහි පෝස්ට් කිරීමෙන් ඒ සඳහා සහභාගි විය හැකිය. මේ කවි පොත සඳහා ඔබ සියල්ලන්ගේම එකදු කවියක් හෝ අන්තර්ගත කරන්නට උත්සහ කිරීම අපගේ බලාපොරොත්තුව බැවින් ඊට සහභාගි වන ලෙස මුහුණු පොතේ කවි නිර්මානයේ යෙදෙන සැමට කෙරෙන කාරුණික ආරාධනය යි මේ... මෙම කාව්‍ය සංග්‍රහය ලබන ඔක්තෝබරයේ පළ කරන්නට බලාපොරොත්තු වන බැවින් ඔබ සියල්ලන්ගේ සහභාගිත්වය කඩිනමින් අපේක්ෂා කෙරේ. මෙම දැන්වීම සහෘදයන් අතරේ ප්‍රචාරය කිරීම අගය කරමු. 09/09/2011

ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටූ

Image
මුහුණු පොතේ කවි බෙදා හදාගත් ඉන්දික ගුණවර්ධනගේ "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දිනය මේ එන විසිහතර වැනි සිකුරාදාවය. සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන ඉන්දික ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයට උණුසුම් සුභ පැතුම් ගෙන එමි. හිතේ කෙටූ ටැටූ පොත අහුලගන්න ඔයා පහත්උනු තප්පරේට ටයිට් ඩෙනිම අස්සෙ හිරවෙලා හිටි ඔයාගේ නිල්පාට සමනලයා ඉගිල්ලිලා ඇවිත් මගේ හිතේ වැහුවා ඌ දැන් එළවගන්න බෑ මට රෑට ඉන්දික ගුණවර්ධන

චිරන්තගේ පැංචා ඊඩිපල් කියවීමක්

Image
චිරන්තගේ මෙම කවිය නිසා හටගත් සිතිවිලි කීපයක සටහනකි මේ. මේ කවියේ ඉහළ සිට පහළට කියවාගෙන යද්දී කියැවීම් දෙකක ගැටුමක් [කතෘ දෘෂ්ටි දෛශික] හට ගන්නා බවට සාධක ඇත. එකක දී මට හමුවන්නේ දරුවකු පිළිසිඳි මොහොතේ සිට ඒ ගැන චින්තාවලියේ දැවටෙන පියා එම දරුවා ගැන දකින අයුරු කවි කරන තුන්වැන්නෙකු වන කවියාය. එවි‍ට කතෘ පිතෘත්වයෙන් පිටතින් පවතී. එය පීතෘ පරිකල්පනීය විශ්වයේ මතුපිට සදයි. එනම් පියාට පිටින් එම තත්වය වටහා ගැනීම හෝ සංකේතනය කිරීම. එනම් මුල් පද පේලි හතරම එම කවියාගේ සවිඥානික ගොඩනැංවීමකි. දෙවන කියැවීමේ දී මට හමුවන්නේ පිළිසිඳි දරුවා පිය සෙනේ ‍ස්වභාවයන් දකිනාකාරය ලියා තබන එම පියාමය. එම සංකේතනය ගොඩනගන්නේ සැබෑ පියා විසින්මය. "යකඩ දෑත් මට ලැබෙන්න" යන පදයෙන් ජනිත වන අදහස එක් අයුරකින් කවියේ කතෘ ද අනෙක් අතට එම පැතුම පතන පියා ද ලෙස ගත හැකිය. එවිට කතෘ පිතෘත්වයෙන් ඇතුළත පවතී. එනම් පරිකල්පනීය විශ්වයේ ඇතුළත තතු සදයි. එය සවිඥානිකත්වය පරයා කතෘගේ අවිඥානික පෙදෙස් තුළ නිර්මිත පියාගේ භූමිකාව අනාවරණය කරයි. මේ දෙයාකාරයෙන් දැක්වෙන අරුත් එකිනෙකට වෙනස් බැවින් කවියේ අවිනිශ්චිත අර්ථ පෙළ ගැසෙන්නට ගනී. අනන්තයේ...

ගෝත්‍රික ප්‍රේමය සහ මුහුණු පොත

Image
ගෝත්‍රික ප්‍රේමය... මට හදිසියේ අනෝමා රාජකරුණා මතක් වුනා. මම මුහුණුපොතේ වැඩකට ඇති යමක් කතා කරන්න සුදුසු හික්මීමක් ඇති මිනිසුන් සොයා වෙහෙසෙන නිසාවෙන්, මා දන්නා කියවා ඇති පොත් ලිපි ලේඛන සහ සමාජ- සංස්කෘතික- මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රාමාණික උගතුන් සහ ක්‍රියාකාරිකයන් සහ කතෘවරුන් සොයා ඔවුන් මුහුණුපොතේ ජීවත් වන්නේ නම් ඔවුන් සමග සම්බන්ධ වීමට මම උත්සාහ කරමින් සිටිමි. මේ ආකාරයෙන්ම අනෝමා ද මුහුණු පොතේ ඉන්නා බව දුටුවෙන් ඇයට ද "ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්" දමා බලා සිටියෙමි. කීප ගමනක් ම ඒවා වැඩ නොකලෙන් පසුව පණිවිඩයක් සමග ද එවැනි ඇරියුමක් කළෙමි. ඊට ද ප්‍රතිචාර නැතිවූයෙන් ඇය ගැන සොයා බැලීමට සිත් වුණි. මේ ඒ සොයා බැලීමෙන් ලද ප්‍රතිචාර කීපයක් සටහන් කර තැබීමකි. Dawson Preethi: මම අනෝමා රාජකරුණා දැකල නැහැ. මේ ඉන්නේ එයාම ද? ගෝත්‍රික කවි -මට හරියට මතක නැහැ ගෝත්‍රික ප්‍රේමය ද කොහෙද ඒ පොතේ නම-ඒ කවි පොත මගේ ළඟ තිබිල දැන් අවතැන් වෙලා -මහ අමුතු කවි තියෙන පොතක් ඒක- ඒ පොත ලියූ කෙනාද කියල කියනව ද කවුරු හරි? Prasad Weerasekara: Ow me anoma thamai... gothrika premaya anoma karapu palaweni kavi potha m...

සිතුමිණිගේ කවි කලලයක් කවියක් වැනි යමක් දක්වා...

Image
ගුගුරුවා මහ පොළොව බිහිරි කර බහිරව දෙසවන සයිරන් නදින් පුපුරුවා කන්බෙර උගුළුවා ගැසූ මිහි මත- මිනිස් රැළ සීසීකඩ විදුලි සේ පැමිණි සෛන්ධව රිය පෙළ මුදා හැර ට්‍රෝජානු ගිනි දුම් යකඩ බල සැණෙකින් නැගී මහ ගොස තිරිංග තදැව නැවතුණ රිය අස වේරම්භ වාතය හමා ගොස් කළතා ලෝක ධාතුවම සැණෙකින් හකුලා පිම්බී හැකිලී සිව් දිග කාලාවකාශා නැවත මතු විය ‍මොහොතකට පෙර පැවති රූ සෝබා නිහඩව තනිව සර්වතෝභද්‍රයම හැකිලී බිඳුනු සුදු සැරයටියකි වැතිරී මහ මඟ ඉවුරේ තනිවූ තොටියෙකී හබල් බිඳී කහ ඉරී තැලී විසිරී ප.ලි. සිතුමිණි විසින් නිර්මිත කවි අනුභූතියක් කවියක් බවට පරිවර්තනය කෙරුමට මා දැරූ වෙහෙසක් මේ ලිපියේ සටහන් කරනු කැමැත්තේ සිතුමිණිගේ කාරුණික අනුග්‍රහයෙනි. සිතුමිණි ඔබට තුති. මුහුණු පොතේ මුල් කවිය සහ එහි කොමෙන්ටු මෙතනින් බලන්න.

මුහුණු පොතේ කවි ගැන සංවාදය -2

Image
ඇරඹුම් නිමිත්ත මෙතනින් මුහුණු පොතේ කවි ගැන සංවාදය -1 මෙතනින් මුහුණු පොතේ සංවාදය විවෘතයි...ඔබත් එකතු වන්න... එතැන් සිට.... Sithumini Rathnamalala ‎ @ ඩෝසන්...... ලැකාන් පිළිබඳව මමත් ඔබේ අදහසට එකඟයි, මමත් ඕකම තමයි කියන්නේ, වෙනස් ශානරයන් නිර්වචනය කර ගැනීමට යත්න දැරීමට වඩා එබඳු විචාර ක්‍රමෝපායක පිහිට සමස්ථ "නිර්මාණ" විශ්ලේෂණය සඳහා යෝජනා වියයුතු වග... [ කොහොමත් දැනටFacebook හි ඇති වාගාලාපත් සමඟ නව ශානරයන් සෙවීමත් විහිලුවක්]....වාස්තුව ගැනනම් ටිකක් වෙලා අරන් කතා කරමු.......ඔබ කලින් වතාවක ආඳාගේ වලපතින් අල්ලන්නට ඇති බවයි මට නිකමට හිතුණේ....අද ටිකක් busy කරුමෙට... Anjana Jayaweera @dawsa ඔන්න ඉතින් කිව්වා මංගල්ලයක් මෙයා... මම දන්නවා කියලා හිතෙන දේ කියන්නම්.... අමිල ගලප්පත්ති කියපු වචන ටිකක් මතක් වුණා... “දැන් නෙට් එක ඇතුලේ ලියන සහ කියවන එක පරයමින් බලන, සවන් දෙන සහ සහභාගී වෙන එක වඩ වඩාත් ඉස්මතු වෙමින් පවතිනවා. ඉතින් අපිත් visual කවි..... “ ඔතන ඔය කියන visual කවි එක එක විදියට බලන්න පුළුවන්.... හිතන්න මෙහෙම... ඩෝසාගෙම මම කැමතිම කවිය ගමුකෝ.... අන්තිමට සුදු රෙද...

මුහුණු පොතේ කවි ගැන සංවාද සටහන් ...

Image
ලිපිය හා සබැඳේ Sujeewa Kokawala අම්මට හුඩු. මේක එළ උත්තරේ. අනුන්ගෙ කවි ලොකු පොඩි කරන්න මං කවියෙක් නොවේ. ඒත් ඔබ කියූ පරිදි කවි නම් නොවෙයි බොහෝ දෙනෙක් ලියන්නේ, වදන් හසුරා හැඟීම් ජනනය කරන ප්‍රකාශන. හුඟක් ඒවායේ ඇති ලස්සනක් මටනම් [පුද්ගලික මතය] නෑ. මෙතන කතාවෙන "කවිය" වුණත් මෙලෝ ...රහක් නෑ. ඒත් ඒවට කට්ටිය හොඳ උත්තර දාලා තියෙන කොට මට හිතෙනවා රස වින්දනයත් රචනය වගේම අළුත් තලයකට ගිහින් ද කියලා. නැත්නම් ඔහේ දාන්න ඕනේ නිසා මොනවා හරි කියලා දානව ද දන්නෙ නෑ කියවපු අය. මෙකෙන් කියන්නේ කෝට්ටේ යුගයට අනුව හැමෝම කවි ලිවිය යුතුයි කියා නම් නොවේ. පර්යේෂණ කළ යුතුයි පදනමක් මත. Dawson Preethi ප්‍රතිචාරයට ස්තුතියි සුජීව. දැවැන්ත පරිමාණයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක උපක්‍රම විසින් කවිය ඩෝසර් කරමින් සිටිනා බව මුහුණු පොතේ කවියන්ගේ නිර්මාණාත්මක හැසිරීම් විසින් පෙන්වා දෙමින් සිටියි. මේ සංවාදය කොතනින් හෝ පැන නැගී මෙම මස්තබාල්දු වෙමින් පවතින... සාහිත්‍යංගය බේරා ගැනීමට කටයුතු කළ යුතුයි යන්න ‍මගේ අදහසයි. Sujeewa Kokawala මේ ලියන මාත් මූණු පොතට කවි කියා [මට හිතෙන] දේවල් දමන නිසා මේ මතය සංවේදි යි...

කමලසිරිගේ "Onilne කුමරිය"

Image
මේ මුහුණු පොතේ හමු වූ කවියක් සහ එම කවියට මා දැක්වූ කෙටි කොමෙන්ටුවකට කවියා දැක්වූ ප්‍රතිචාරයත් එයට මගේ පිළිතුරත්ය. Dawson Preethi ඔන්ලයින් කුමර කුමරියන්ට කවි වලින් ලව් කරන්න යෑමෙන් කවිය‍ට කෙලවෙන බවද සිහි තබා ගත යුතුය. :) Kamalasiri Bandara ‎@Dawson ...ඔබගේ ප්‍රකාශය මට නම් හිස් ප්‍රලාපයක් පමණි.මා කළේ online සංකල්පය කාන්තාවකට උපමාකොට ගීතයට ඥාතීත්වය පලකරන කවියක් නිර්මාණය කිරීම පමණයි. එය tag කළේ නිර්මාණය පිළිබඳ ගුණාගුණ දැනගැනීමට මිස මගේ හිතවතුන්ගේ වාචාල දැනගැනීමට නොවේ.අනෙක කි...සිම හිතවතියකගෙ පෞද්ගලික ජීවිතයට එබී බලන්නටද නොවේ.ඒ නිසා ඔබ හොඳින් කවි ඇසුරු කරන්න,ඒ අනුව මගේ නිර්මාණය මනින්න.මා සිතන විදියට FB කවියට කෙලවෙන්නේ මේවගේ කවි ලිවීමෙන් නොව,ඔබ කළා වැනි අඳබාල ප්‍රකාශයන් ගෙනි. මේ පිළිබඳ අනෙක් හිතවතුන්ගේ ද අදහස් ලියා එවනවා නම්,වටී. අනෙක, කවියෙන් love කරන්න බෑකියන එකද ඔබගේ දැනීමේ අඩුවක් මිස කවියේ ප්‍රශ්නයක් නොවේ.කවිය තරම් love කරන්නට උචිත මාධ්‍යයක් තවත් නොවේ.මන්දයත්,කෙටිකතා හෝ නවකතා ලියා love කරපු කෙනෙක් ඔබ හෝ මම අසා නැති නිසාය. Dawson Preethi‎@කමලසිරි "@Dawson ...ඔබගේ ප්‍රකාශය...

කවියකට පිළිතුරු කවියක්

Image
මම ‍මුහුණුපොතේ කවි රස විඳින්නෙක්මි. මා බොහෝ අවස්ථවලදී ඒවාට කොමෙන්ටු ද දමා එන්නේ ඒවා ලීවේ කවුදැයි කින්දැයි මන්දැයි නොදැනය. ක්‍රිශාන් රාජපක්ෂගේ කවිද මා රස විඳින කවි අතර වේ. සමහර ඔහුගේ කවි කියැවීමෙන් මගේ කවි සිතද මෙලැවේ. ඇවිලේ. එබඳු අවස්ථාවක ඔහුගේ කවියේ කොමෙන්ටුවක් ලෙස මම ද කවියක් ලියා එමි. මේ එබඳු කවියකි. කවියක් වැනි යමකි. මේවා පිළිතුරු කවි ලෙසද ඕනෑ නම් සැලකිය හැකිය. මම කඹය අත හැරියෙමි එක මොහොතක ඇතත් අත මසෙහි ශක්තිය වියැකුණේය හිතෙහි එම බල ...එසැණ ආලෝක වේගයෙන් ලුහුටා ගොස් මා දෙපා වැදුණි මුළු සිරුරම උසාවි බිත්තිය මත සමමිතිකව ජ්‍යාමිතිකව සංස්ථිතිකව පරිපූර්ණව සී සී කඩව එතුවක් අත රැඳුණු ඇඟිලි ඇට කටු නිය පොතු විසිරිණි උසාවි ගෙමිදුල මත! මා මිතුරෝ වහා එක් රැස්ව අහුලා මගේ සී සී කඩ ඇට මිදුළු වත ගොත තබාගත්හ සුරැකිව තම තම නිවෙසේ දළදා කරඩුවට නොදෙවෙනි විලසේ නිති වැඳ කඹ අදින්නට යෙදෙන සැම විටෙකම උහු පෑහ මා නටබුන් කැට කැබැල්ල! ඔවුනොවුන් වෙනදා ට වඩා වෙසෙසින් වැළඳ සිප දිවුරා කීය රහසින්... "අකමැතිය දිනක් හෝ පෙමින් බැඳි තොප මෙලෙස සී සී කඩව විසිරෙනු දකිනට සුන් ව...

ප්‍රාග් මධුසමය

Image
අද වගේ මතකයි මට ඇඟට හිර කෝට් ඇඳ දහදිය-දිය පට්ට සඟව ගෙන මංගල්ලෙට වුන ලක ලැහැස්තිය පරක්කු වෙද්දි මඟුල් පිංතූරෙට ස්ටුඩියෝවට යන්න සැළසුම විලස තවමත් හැට්ට බාගෙට ඇඳන් බ්‍රෙසියර පටි පෙනි පෙනි වෙනද නොදුටු තන පොඩිති දඟලද්දී බැමි ලණු ලිහී කොණ්ඩෙ පුරා දියර හලා මිටෙන් මිට ගෙන පනා උලා කොණ්ඩ කටු ගෝනියක් ඇණ තද කරන විට ‍මුහුලස හිස මුදුන මම හිටියේ පුදුම තදියමකින් ජනේලය ළඟ බැන බැන රූපලාවන්‍ය ශිල්පිණියට "හවස හතරයි තිහට ස්ටුඩිය වහනවා යක්සණියේ ඉක්මන් කරහල්ලා ඔය ඇන්දිලි දැනටමත් හතරයි තිහයි" සුදුපාට සාරියේ හැඩකාර බඳ දිගේ රූරා වැටුනු එම්බ්‍රොයිඩර රිදී සීකුවින්ස් නයගරා ඇල්ල සේ හිස මුදුන සිට ගලන සුදුම සුදු මල් පොහොට්ටු පා මුල වැටී දිලිසුන ඇගෙ සිනහව එදා වගෙමයි නෙත් දෙකේ රන් කෙඳි ඇලෙයි තොල් පුරා ලැකි දිස්න දෙන තට්ටු ගණනක රතු නාවර මගෙ පිපාසය වඩයි ඇඟ ඇතුල ගිනි තපියි අතින් ඇදගෙන දුවං යාලුවගේ කාර් එකේ ජෝඩු දා වාඩි වී දහදිය පිසිමින් සිඟිති ලේන්සු‍ පොඩිවල මම දැක්කේ මේක් අප් අස්සේ දියව ගිය මගෙ කෙල්ල ආයෙම රාත්‍රියේ සොයා ගත යුතුය ඇය උදුරන්නට කොණ්ඩ කටු යාවි එක යාමයක...