ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටූ



මුහුණු පොතේ කවි බෙදා හදාගත් ඉන්දික ගුණවර්ධනගේ "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දිනය මේ එන විසිහතර වැනි සිකුරාදාවය.

සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන ඉන්දික ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයට උණුසුම් සුභ පැතුම් ගෙන එමි.


හිතේ කෙටූ ටැටූ

පොත අහුලගන්න
ඔයා පහත්උනු තප්පරේට
ටයිට් ඩෙනිම අස්සෙ හිරවෙලා හිටි
ඔයාගේ නිල්පාට සමනලයා
ඉගිල්ලිලා ඇවිත්
මගේ හිතේ වැහුවා

ඌ දැන්
එළවගන්න බෑ මට
රෑට


ඉන්දික ගුණවර්ධන

Comments

ඉන්දික ගුණවර්ධන නම් වූ සුන්දර මිනිසාගේ, මාගේ මිත්‍රයාගේ කුළුදුල් නිර්මාණයට මගේ හදවතින්ම අවංක ආදරය හා සතුට දක්වමි!!!!!
ඔසී said…
මුන නොගැසුනත් දෙඩීමෙන් සහ නිර්මාණකරනයෙන් හඳුනාගත් ඉන්දික සහෝදරයා ගේ ප්‍රයත්නයට සුභ පැතුම්....!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු