නිදහස යනුම...
මේ හිස්කම
පුපුරු ගහයි හැම මතුපිට
හරිතප්‍රද ඇතිරුණු
තුරුණු ශාක පතක වුව
ගසකින් හැල්මේ ගිලිහෙන
ක්ෂුද්‍ර පත්‍ර තැති ගැන්වෙයි
පොළව බදන එහැම වෘද්ධ
නිවී සැනසුමට පත් වෙයි
අළුත් දල්ල බියව සැලෙයි
සමහර දළු හැකිලී යයි
බහුතරයක් දළු වරලා
එසැම හිසින් සැඟවීලා
ලදළු ලපලු නැවුම් පතක්
පැරණි මතකයක් පමණි
පත්‍ර වංශ පුරාණයක්
පමණි ශේෂ එක මොහොතක
හරිත පැහැය පෙනෙයි අවට
එනමුත් ඒ ගනඳුරකි ය
ආලෝකය කැටි කර කර
තැනූ අහර නවතීවි ද?
හැම ආහාර දාමයකම
මුලට සිටින හරිත පත්‍ර
තම යුතුකම අමතක කර
අඳුරේ හිස සඟවාගෙන
සොයයි නිදහසේ අරුත
ආලෝකය මහ වැස්සේ
තෙමි තෙමී මිරිකෙන්න
හිරිකඩින් සැනසෙන්න
නිසග අහර සැකසුම
ශාක පත්‍රයටම හිමිය
නිදහස යනුම ලොව වෙත
තම ඒ යුතුකම පිළිගැනීමය
පොළව බදන වෘද්ධ පත්‍ර
ගයයි නිදහසේ ගීතය
නිවී සැනසුමට පත් වෙයි
තම යුතුකම ඉටුකර ලොව
ඩෝසන් ප්‍රීති
12/2010
පුපුරු ගහයි හැම මතුපිට
හරිතප්‍රද ඇතිරුණු
තුරුණු ශාක පතක වුව
ගසකින් හැල්මේ ගිලිහෙන
ක්ෂුද්‍ර පත්‍ර තැති ගැන්වෙයි
පොළව බදන එහැම වෘද්ධ
නිවී සැනසුමට පත් වෙයි
අළුත් දල්ල බියව සැලෙයි
සමහර දළු හැකිලී යයි
බහුතරයක් දළු වරලා
එසැම හිසින් සැඟවීලා
ලදළු ලපලු නැවුම් පතක්
පැරණි මතකයක් පමණි
පත්‍ර වංශ පුරාණයක්
පමණි ශේෂ එක මොහොතක
හරිත පැහැය පෙනෙයි අවට
එනමුත් ඒ ගනඳුරකි ය
ආලෝකය කැටි කර කර
තැනූ අහර නවතීවි ද?
හැම ආහාර දාමයකම
මුලට සිටින හරිත පත්‍ර
තම යුතුකම අමතක කර
අඳුරේ හිස සඟවාගෙන
සොයයි නිදහසේ අරුත
ආලෝකය මහ වැස්සේ
තෙමි තෙමී මිරිකෙන්න
හිරිකඩින් සැනසෙන්න
නිසග අහර සැකසුම
ශාක පත්‍රයටම හිමිය
නිදහස යනුම ලොව වෙත
තම ඒ යුතුකම පිළිගැනීමය
පොළව බදන වෘද්ධ පත්‍ර
ගයයි නිදහසේ ගීතය
නිවී සැනසුමට පත් වෙයි
තම යුතුකම ඉටුකර ලොව
ඩෝසන් ප්‍රීති
12/2010
Comments
එනමුත් ඒ ගනඳුරකි ය
ආලෝකය කැටි කර කර
තැනූ අහර නවතීවි ද?``
මේ පැණය එන්නෙ උඩ පරපුරෙන් නේද? (ඒ කියන්නෙ ඔයා කවියෙම කියල තියන වෘද්ධ පත්‍ර වලින් නේද? ). මට හිතෙන විදිහට ඉතිහාසෙ හැමදාම ඔය ප්‍රශ්නෙ මතු වෙන්න ඇති.
``නිසග අහර සැකසුම
ශාක පත්‍රයටම හිමිය
නිදහස යනුම ලොව වෙත
තම ඒ යුතුකම පිළිගැනීමය``
මේක තනියම ගත්තහම මට දැනුනු එක අදහසක් තමයි නිසගයෙන් උරුම වෙච්ච දේ නොකර සිටීම ගැන තියන අවුල. ඒත් මුලු කවි පේලියෙන්ම මතුවෙන අදහස අනුව ඇත්තටම අන්තිමටම දැනෙන්නෙ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත(මේ පැත්ත මාරු වීම වෙන්නෙ `නිදහස` කියන වචනේ සෙට් වීමත් එක්කද මන්දා..). ඒ කියන්නෙ නිසගයෙන් උරුම වෙලා තියන දේට විරුද්ධ වීමට කරන ආරාධනයක්.
ඒක සුන්දර ආරාධනාවක්....