Posts

Showing posts from February, 2011

බාමෙන්ඩා ගමන

Image
බාමෙන්ඩා ගමන කැමරූන් හි දේශපාලනික අගනගරය වන යවුන්ඩේ සිට බාමෙන්ඩාවට මහා මාර්ගයෙන් දුර කිලෝමීටර හාරසීයකි. මා ගූගල් සිතියමින් මැන ගත් දෛශික දුර කිලෝමීටර දෙසියහැත්තෑ එකකි. දැන් පාරේ ස්වභාවය ගැන යම් අදහසක් ඇති කර ගත හැකිය. මා රියැදුරාගෙන් බාමෙන්ඩාව පිහිටා ඇත්තේ කඳුකර පෙදෙසක දැයි විමසූ විට ඔහු කීවේ බාමෙන්ඩාව හරිම සීතලයි යනුවෙනි. පැහැදිලිය. අපට යාමට සිදුව ඇත්තේ කඳුකර මාර්ග ඔස්සේ අක්වක් ලෙසින් බැවින් පොළව මත දුර කිලෝමීටර හාරසීයක් වී ඇත. මේ නියමය හැම තැනටම නොයෙදේ. සමහර කාන්තාර හරහා පාරවල් වැටී ඇත්තේ නම් දෛශික රේඛා ඔස්සේ යැයි සිතෙන තරමට ඒවා සෘජුය. සෞදි අරාබියේ රියාද් දමාම් මහාමාර්ගය මගේ සිහියට නැගෙයි. එය අධික ලෙස අනතුරු සිදුවන පාරක් ලෙස සෞදි අරාබියේ ප්‍රසිද්ධය. කෙලින්ම ඉද්ද ගැසුවා සේ කතර මැදින් ඇති මහා මාර්ගයක අනතුරු සිදුවන්නේ රියැදුරන්ට නින්ද යාමෙනි. මන්ද යත් රිය සක මත අත් තබාගෙන එක එල්ලේ සිටින විට නොදැනීම නින්ද යාම වළක්වා ගැනීම එම පාරේ රිය පැදවීමේ දී ඇති අභියෝගයක් බැවිනි. මහා මාර්ගවල හැඩය තීරණය වන්නේ ඒවා යා කරන නගර අතර ඇති දෛශික දුරෙන් නොව එම මාර්ගවලට පසුකරන්නට සිදුවන සමෝච්ච රේඛා සිතියම් තුළ ...

නවකතාවේ වාස්තුවේදය 2 ~ සර්පයාගේ දේශනය

Image

ලාල් හෑගොඩගේ මෙකව මෙතනින් වතමි කෘතිය හා කවියේ රූපකාර්ථ පිළිබඳ සාකච්ඡාව

Image

සර්පයාගේ "නවකතාවේ වාස්තුවේදය"

Image

ඊජිප්තුවේ අසාමාන්‍ය සිකුරාදාවක්

ඊජිප්තුවට මා පැමිණියේ පසුගිය ජනවාරී 23 වැනිදාය. එදින මට දැනුණ ඊජිප්තුව පිළිබඳ සිතුවිලි ලංකාවේ ජීවත් වන ඕනෑම කෙනෙකුගේ මනසේ ඊජිප්තුව පිළිබඳ ඇති අදහසට වැඩි වෙනසක් නොවීය. ඊජිප්තුවේ පොලිසියට නිවාඩු දිනයක් ඇත. ඒ සෑම මසකටම විසිපස්වැනිදාය. එදිනට ඔවුහු සාමාන්‍ය රාජකාරියෙන් සමුගෙන විවේකීව ගත කරති. එදිනට රාජ්‍ය විරෝධි අරගලයක් සැළසුම් කරගැනීම පහසුය. මන්ද යත් රටේ සිවිල් නීතිය මොහොතකට අතුරුදන් බැවිනි. එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. රටේ ජනතාව කයිරෝ නුවර ස්ථාන කීපයක එරට ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් ඉවත් විය යුතු බවට උද්ඝෝෂණය කරන්නට ජනවාරි විසිපස්වැනිදා තෝරා ගත්හ. ඉන් දින තුනකට පසු එළඹුනු විසි අටවෙනි සිකුරාදා දවස මා ගත කරන්නට සැළසුම් කළ හැටිත් එදින ඇත්තටම ගත වුනු හැටිත් පිළිබඳ කෙටි සටහනක් මා එදින රාත්‍රි යේ තැබුවෙමි. එම සටහනයි මේ... 28 වෙනිදා මට තිබුණේ නිවාඩු ගන්නයි. සිකුරාදා දවස ගල්ෆ් හැම රටකම නිවාඩුයි. ඊජිප්තුවේ ද මහා මාර්ග ජනයාගෙන් පිරී යන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලයි. අනෙකුත් දවස්වල නිද්‍රාශීලි සැන්දෑව උත්කර්ෂවත් වන්නේ සති අන්තයේදීයි. විශේෂයෙන් නයිල් නදිය ආශ්‍රිත බෝට්ටු සවාරි සහ උත්සව...