Friday, June 24, 2011

කතන්දර, ළමා වීමට පෙර...

දිවි දොලදුක-සුසන්ත මූණමල්පේ

දිවි දොලදුක

අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදින
අර උස් කදු මුදුන් තරනය කොට
දිවි ගෙවමු අපි උදාරම් ලෙස
දිනෙක පැවසීය ඇය
තම දිවි දොලදුක

අහෝ සොදුරිය කදු හිස් යනු
අහස ජය ගනිමි යයි
සුනරුත් පැතුම් පොදි බැද
අතරමගදී මියගිය ගමනක
ඝනීභූතවූ නටබුන් වෙති
වඩා උස් කදු මුදුන් යනු
වඩා වැඩි කාලයක්
අර්ථවිරහිත ගමනක් ගියෝ වෙති

අපි හිදින් මේ තනි සමතලා බිම
ගමන ඇරබුමටද පෙර
වටහා ගත්තෙකිය ඒ නිසරු බව
ඉදින් සොදුරිය
හීන මානයට නොගනින්න මෙබිම මේ ලෙස
දිවි ගෙවුමු අපි සමතලා බිමක සරු ලෙස

සුසන්ත මූණමල්පේ
24/06/2011
මුහුණු පොතේ දී

අහස් කවියට ලැදි මූණමල්පේ ගේ මේ කවිය කියවීමෙන් මට ද යමක් ලියන්නට සිතුණි.


සොඳුරියක දොලදුක

තැනිතලා බිමක වාසය
අපූරුය-සරලය-නිහතමානිය
ඔබට...

එනමුත්

සොඳුරියක මෙන්ම
කඳු මුදුනක ඇති ගුප්ත බව
ඇස්මානයට හසු වන්නේ නැත
ඉඳහිට අසුවුව ද කවිකමකට...

කඳු මුදුන හැම විට
අභියෝගයක ලකුණකි
ශක්තිය උරගා බලන;
සොඳුරිය ද අභියෝගයකි
ලකුණු කිසිවක් නැති
ප්‍රතිශක්තිය උරගා බලන

සිතුවද තැනිතලාවක
සැතපී සිටින්නට සමනය කර
සොඳුරියක දොලදුක

සබඳ

නිරතුරුව හාරා ඔබ අවට පස
මතුකර ඔබ නිදන තැන උස්ව
තනනු ඇත ඈ රිසි වූ කඳු මුදුන
ඔබට කීමට කිසිවක්ම ඉතිරි නොකර...


පින්තූරය ගත්තේ මෙතැනින්

Tuesday, June 21, 2011

අලුත් ඇඳුම්

වචන ටැක්සියට අලුත් ඇඳුම් අන්දපු ලිෂාන් මල්ලිට ගොඩක් ස්තුතියි. මේ වැඩේ කරල දෙන්නය කියල, පැයකින් දෙකකින් බොහොම උනන්දුවෙන්, දීපු උපදෙස් අනුවම වැඩේ ඉවර කරන්න රෑ නිදි මරාපු ලිෂාන් මල්ලිට මේ පුංචි ස්තුතිය ප්‍රමාණවත් නොවේ. ඒත් ගොඩක් ස්තුතියි මල්ලි!


ලිෂාන් මල්ලි වචන ටැක්සියට ගොඩ වුනේ සුක්කානම පැත්තෙන්. ලයිසන් තියෙන නිසා දැං එලවන්න පුළුවන්...


ජිජැක්ගේ පින්තූර කීපෙකුත් වටේට තිබ්බෙ මා ජිජැකියානුවෙක් වශයෙන් එතුමාගෙ පොතපතින් උගත් දේ මගේ බාහිර සහ අභ්‍යන්තර ගනුදෙනුවල චින්තාවන් වෙනස් කරන්නට බලපෑ නිසයි. ඒක හරියටම කියන්නත් අමාරුයි නමුත් මොකද්දෝ අවිඥානික ඇල්මක් ගෞරවයක් හේතුවෙන් මට හිතුනා එතුමාගේ පින්තූර කීපෙකින් වචන ටැක්සියේ පසුබිම පුරවන්න. ෆැන්ටසියේ මැතීමයත් කොහෙන් හෝ පේන්නට තිබුණා නම් හොඳයැයි මට සිතේ. ෆැන්ටසියේ මැතීමය මා ප්‍රිය කරන්නේ ද ඒ සංකේත මා හට වඩාත් සුපුරුදු ගණිතමය සංකේත බැවින් ඒ හේතුවෙන් මනෝවිශ්ලේෂණයේ ගණිතමය මානය වෙත මා වඩාත් ආකර්ෂණය වන බැවින් නිසා විය හැකියි. ලැකාන් ෆ්‍රොයිඩ්ගෙන් ගොඩක් වෙනස් වෙලා මට දැනෙන්නෙත් එයා මනෝ විශ්ලේෂණයට විද්‍යාත්මක පදනමක් සකස් කරන්න ජීවිත කාලයම කැප කළ නිසා යැයි මට සිතෙයි. කෙසේ වුවත් මේ සියළු ග්‍රැෆික අංගෝපාංග වෙනස් ගොඩක් සංඥා මවන බැවින් ඒවාට ඒවායේ ගමන්වල යෙදෙන්නට ඉඩ දීම වචන ටැක්සියේ අරමුණයි.

Monday, June 20, 2011

ගබ්සාව

ගබ්සාව


මම ඇය අසල ගොස් වැතිරීමි
ඈ දෙස නෙත් දල්වා බලා සිටිමි
ඈ මා දෙස ද
මා ඈ දෙස ද
ධ්‍යානයකට සම වැද
අපි එකිනෙකා දෙස
බලා සිටියෙමු

මම ඇයට සෙමෙන් පැවසීමි

"මා ඔබට ඊයේ රාත්‍රියේ
මත් වන්නට සිතු සේ
පානය ට දුන්නේ
මධුවිතෙකැයි කියා
දියරයකි
සුනඛ මුත්‍ර
මුසු කළ!"

ඈ අසුරු සැනෙකින්
වමනය කළාය
මා ඉදිරිපිට
සියළු දෑ
එතුවක් ඈ කුස ද
මනස ද
පිරී වෙළා ගත්

මම ඉන් පසු විශ්වාස කළෙමි
වචන දැල සතු ශක්තිය
යක්ෂයින් මෙල්ල කළ
මහා යන්තර මන්තර සූත්තර!

අවිඥානය දැලේ පැටලුන
යක්-බූ-පිසස්-කළු කුමාර-තනිකං දෝස
වැනෙන හැටි දෙපළුව
බොරෝමියානු* නගුටු වලිග අබියස!



* Borromean knot

දුරුතු උණුසුම- විමලදාස මුදාගේ

මුහුණු පොතේ සටහන මෙතනින්.