සත්‍යවාදියකුගෙ දිනපොත -1986 ජුලි 15

1986 ජුලි 15

බොහෝ කලක සිට මගේ මිත‍්‍රයකු වන කුලරත්න අත් අඩංගුවට ගත් බව අද දහවල් ආරංචි විය. ඔහු කළ වරද ජූලි වර්ජනය සමරා පෝස්ටර් ගැසීමය. ගිය වසරෙත් මෙ කාලයේ දී ඔහු සිටියේ සිරකූඩුවෙය.

වර්ජනයෙන් පාරට බැස්සවුන් පෝස්ටර් ගහන්නේ නැතිනම් පෝස්ටර් ගැසිය යුත්තේ උන්ව පාරට දැම්ම එවුන් ද ? මට නම් මෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිත්තයි. කුලේගේ බිරිඳට දුව උපන්නේ ඔහු ගිය වසරෙ හිරෙ සිටිය දීයි. ඔහු බලන්න ගියවිට කී කතාව මට දැනුත් ඇහෙනව වගෙ.

"මම දුවට දාපු නම උඹ දන්නව ද... සානා මෙදානි. සානා මෙදානි කියන්නෙ කවුද දන්නව ද ? උඹට මතකද ඊශ‍්‍රායල භටයින් පුරෝගෙන ගිය ලොරියට බෝම්බ පුරවාගත්ත කාර් එකක් හප්පපු පලස්තීන කෙල්ල. භටයොත් කුඩු. කෙල්ලට ගරු කරන්න තමයි මගෙ දුවට ඒ නම දැම්මෙ."

දිනපොත තුළින් කුලරත්න සහෝදරයාගෙ හිනාව පිරුණු මුහුණ මට පෙනව. මං ඌව ඉඹ ගත්ත.

සත්‍යවාදියකුගෙ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්