සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 19

1986 ජුලි 19

එක දිගටම මරණ, බෝම්බ මරණ, සමූල ඝාතන. මෙ මරණ ගැන පැහැදිලිවම පෙනෙන එක් සත්‍යයක් නම් තියෙනව. මැරෙන හැම එකෙක්ම දුප්පතෙක් වීම එම සත්‍යයයි. දෙමළ ධනපතීන් මැරෙන්නෙත් නැහැ. සිංහල ධනපතීන් මැරෙන්නෙත් නැහැ. ඇන කොටා ගන්නේ මරා ගන්නේ දුප්පතුන්මයි. ලෝකෙ කොහෙත් එහෙමයි. අද අපේ මිනිස්සුත් එදිනෙදා ජීවන ප‍්‍රශ්න කතා කරන්නේ නැහැ. හාල්, රතුළූනු, මිරිස් මිනිස්සුන්ට එපා වෙලා වගේ. හැම එකාම කතා කරන්නේ බෝම්බ ගැන.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Narada said…
ඔව් එහෙමත් කාලයක් තිබ්බා තමා, අවාසනාවට අපේ ගොඩාක් අයට අමතකයි වගේ ඉන්නේ.
Ramindu Perera said…
විශාල දේශපාලන ඇත්තක් සරලම වාක්‍ය කීපයකින් පවසන ලද අන්දම අපූරුයි.සත්‍යවාදියෙක්ගෙ දිනපොත මම ඉතාම ආශාවෙන් කියවන ලද්දක්.80 දශකයේ වාමාංශික සටන් සම්ප්රදාය පෙන්වන කැඩපතක් වගේ.දැන් සිලුමිනට ලියන සුනිල් තුල එදා සිටි සුනිල් ඉන්නවද කියල මම දන්නෙ නැහැ.-මම සිලුමින නොකියවන නිසා-
මොනව උනත් එදා සිටි සුනිල් ගැන තියෙන ගෞරවය බොහොම ගැඹුරු එකක්

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු