ආලෝකය මියෙන සහ උපදින තැන

ඇස
සෙමෙන් සෙමෙන්
විවර වුණා...
ඇසි පිල්ලම් චාප ලෙසින්
එක පෙලකට ඉනි සිටවූ
කටු කම්බි වැටක සිරියෙන්
සෙමෙන් සෙමෙන්
විවර වුණා....

ඇස මතුපිට සුදු ගෝලයේ
නිල් පාටින් ඇඳි වීදුරු
අවානෙන් දිලිසි විසිරුණු
ආලෝක කැබැලි කැබැලි
දියමන්තියක හැඩපළු
මතුකර තාලෙට කැරකී

තෙතට තෙතේ
නිල් දිය පිරි නොගැඹුරු විල
සියුම් කුනීතය දිස්නෙන්
ආලෝකය හැරී ගොසින්
ආත්මයට එබෙනු පිණිස
කවුළු පියන් පත් ඇරුණා

වීදුරු රේඛා මත්තෙන්
තැනුණු මකුළු දැලක හැඩෙන්
ඇසේ කුනීතය ට යටින්
දියර කාචයේ වක් බව
හෘද ස්පන්දන කම්පනයේ
රා අනුරා දෙනු දුටුවා...

සිහින් කෙඳිති ආලෝකය
දුර ඈතක අනන්තයෙන්
සමාන්තරව කිරණ දරණ්
උඩුයටිකුරු වෙමින් නිතින්
ඇසේ අඳුරු අගාධයේ
පතුල සොයා ඇදී ගියා...

ඇස
සෙමෙන් සෙමෙන්
වැසී ගියා...
අවසන් ආලෝක දහර
යන එන මං අවහිර වී
මනසේ ඝණ සාරය වූ
සෛල පටල පටක මැද්දේ
ඝණීභූත වුණා


ග්‍රැෆික උපුටා ගැනුම ට්‍රාන්ස්පෝටර් 3 සිනමා පටයෙනි.

Comments

ඇත්තටම ඇහෙන් එන ඒවා මතකයේ රැඳුනත්. සමහරක් ඒවා මොහොතකට විතරක් වෙන්නැති. පුංචි පුංචි සිද්ධි දාර සයිස් එකෙන් ඔලුවට දාන්න උඹ දන්නවා ලොකු අයියේ. අදත් වෙනදා වගේම තේරුමත් එක්කම අලුත් වචන කෑල්ලක් ඉගෙන ගත්තා. "රා අනුරා"..

ජය වේවා!
Bindi said…
අපුරුයි
Anonymous said…
එක සැරේට මට මතක් වුනේ , Minority Report චිත්‍රපටයේ , ඇස් බලන්න එන අර පුංචි සත්තු වගේ යන්ත්‍ර.....අන්තිමට එයා ඇස් දෙක මාරු කරා..හ්ම් .......
මේක කියවනකොට මට දැනෙන්නේ high speed scene එකක් ultra slow motion movement එකකට යනවා වාගේ..,
වෙනත් විදියකට කියනවා නම් මිලතත්පරයක් විනාඩියකින් දිග හැරියා වාගෙයි..!!
විවරව
කිරිකැටි දෑස
වැහැරී පියවන අතර තුර
ඇසිපිය වදින මොහොතේ

දිග ඇරුණි
මහා ලෝකය
සියලු සුඛාන්තයන් හා ඛේදාන්තයන්
ගවේෂණ විප්ලව යුධ හටන්

බිහි වුනි
මුළු මහත් විශ්වය
අබැටක් තරම් මොලයක

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්