කළුම කළු තාර මණ්ඩි

අන්ධකාර සිතුවිල්ලෙන්
දෑස් මනස් දෝනාවන්
අඳුරෙන් වැසී ඇති මොහොතේ
දුම්වැටියක් දල්වා
ආලෝකය දුම් ගුලි තුල සඟවා
මා හදවතට යවන්නටයැයි සිතමින්
බොහෝ ගැඹුරට සුසුම හා මුසුව
දුම් ඇද්ද ද
ඒවා
අවසානයේ
මගේ ආලෝකමත් පෙණහළු තුල
කළුම කළු තාර මණ්ඩි
පින්තාරු කර ඇති වග මට දැනේ.
දෑස් මනස් දෝනාවන්
අඳුරෙන් වැසී ඇති මොහොතේ
දුම්වැටියක් දල්වා
ආලෝකය දුම් ගුලි තුල සඟවා
මා හදවතට යවන්නටයැයි සිතමින්
බොහෝ ගැඹුරට සුසුම හා මුසුව
දුම් ඇද්ද ද
ඒවා
අවසානයේ
මගේ ආලෝකමත් පෙණහළු තුල
කළුම කළු තාර මණ්ඩි
පින්තාරු කර ඇති වග මට දැනේ.
[මොඩිලියානි සිනමා පටය නරඹන අතරතුර ලියැවුනකි]
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
072009
Comments
samaharak welawata api karana deval apitama kela karala welawaluth tiyenawa tama......
hariyata baduwak gahanna gihin aids hadagatta wage scene ekak.....
යවමින්
සිනේපටි නරඹන කල..,
නොසිතුනි ද...?
මේ දවන්නේ
ඔබ
ජීවිතය ම වග...