වාර්නිස් සුවඳ සහ මල් සුවඳ


වාර්නිස් සුවඳ සහ මල් සුවඳ

වාර්නිස් ගෑ දොර කවුළු පියන් පත්
වෙනදා හමා ආ ගෙමිදුලේ මල් කොල සුවඳ
හා මුසුව සිය වාර්නිස් සුවඳ
බෙදයි මා නැහැ පුඩු තුලට අමුතුම සුවඳක්
--------------------------ලී බඩු සාප්පුවක
--------------------------පෙල ගැසී රොද බැඳැති දැවමය
--------------------------තේක්ක-නැඳුන්-බුරැත-කළුවර
--------------------------හල්මිල්ල-කොස්-මහෝගනී-සූරියමාර
--------------------------සුවඳ පරයමින්
ටර්පන්ටයින් හා මුසුව වාර්නිස්
සුවඳ උදම් අනයි ඒ මගේ සුවඳ යැයි
මල් සුවද නිකසල; වාර්නිස් සුවඳටම අවනතව
හිඳියි තුටින් පෙරසේම නොහඟී පැරදුමක්
රහසින් කියයි නැහැ පුඩුවලට
--------වාර්නිස් දිලිසුනත්
--------සුවද දුන්නත්
--------නාසා පූට කාරමින

ලෝහ ටින් තුල පැලපදියම්ව
හාඩ්වෙයාර් රාක්කවල පාරම් බෑවද
වුනත් ඇතිරුන දොර ජනෙල් අල්මාරි මත
----------------සිටුවර යහන් මතුපිට කැටයමක
----------------බාල්ක මුදුන් ලී -දේවාල කැනිමඩල ආරුක්කුවල
----------------ශ්‍රේෂ්ඨ සිතුවමක රාමු පට්ටමක ලියකමක
----------------සිංහාසන- පෙට්ටගම්- කවිච්චි -බරාඳ ගල් බිංදුවක
----------------වොරැඳුන ද මහේෂාක්‍යව

තරග වැදුනද පවනට මුසුව
සුගන්ධවත් පුෂ්ප මංජරි සමග
ගසක කඳකින්ම උපන් බව
-----------------උපන් වග
-----------------මල් පිපෙන ගසකින්ම!

ඩෝසන් ප්‍රීති
072009

Comments

වාර්නිශ් ටින් බෙලෙක්කෙට පයින් ගහගෙන යනවට වඩා ඒක කවියකට වස්තු බීජයක් විදිහට දැකීම නිවැරදි ධනාත්මක චින්තනයක්. ඒක ගැන සතුටුයි.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්