අරුන්දතී රෝයි ගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා-සංවාදය/කියැවීම-නුගේගොඩ සරසවිය

Sankha Ranadheera Vithana Reported on 19/06/2009

කට්ටියක් නුගේගොඩ සරසවි එකේ දෙවෙනි තට්ටුවේ අයිනකට වෙලා බිම ඉදගෙන පොතක් ගැන කතා කරන්න සෙට් වුනා.

පොතේ නම සන්තියාගෝ නම් සැරිසරන්නා,

පාව්ලෝ කොයියෝගේ The Alchemist නම් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ චූලානන්ද සමරනායක. ඔහු තමන්ගේ අදහස් බෙදාගන්න එතනට එකතු වුනා.

සතිදෙකකට වතාවක් බ‍්‍රහස්පතින්දා හවස 5.45ට සරසවියට ඇවිත් පොතක් ගැන කතාකරන්න එකතුවෙන්න ඔබටත් ආරාධනා.

ඊළග පොත අරුන්දතී රෝයි ගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා.
තැන එතැනමයි......24 බදාදා සවස 5.45ට නුගේගොඩ සරසවිය.

අවසාන වශයෙන් අපිත් විශ්වාස කරන චූලාඅයියා කිව්ව කතාවක් මේ....

”අකුරුවලට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ශක්තියක් ‍තියෙනවා කියලා මම තාම විශ්වාස කරනවා”

(එදා වැඩසටහන පටිගත කරන්න නොහැකි වීම ගැන කණගාටුයි. ඒත් ඊළ`ගට ඒවා අනිවාර්යෙන්ම පටිගත කරනවා විශේෂයෙන් අපේ විදෙස්ගත සහොදර සහෝදරියන් වෙනුවෙන්.)

Sankha Ranadheera Vithana

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්