කඩ කඩ හදන සෙල්ලම්

කඩ කඩ හදන සෙල්ලම්


දාර්ශණිකයෝ මවෙත ඒ
අක්ෂර වදන් වැකි දරා අත
කඩ කඩ හදන සෙල්ලම
එක එක ප‍්‍රවාද මවමින්
අදහස් චින්තාවලි
කඩ කඩ හදන සෙල්ලම්

අක්ෂර වදන් වැකි
අරුමෝසම් ලෙස අතුරා
කවියක් තනන කවියෙක්
කඩ කඩ හදන සෙල්ලම්
හදමින් කඩමින් සෙල්ලම්

වාස්තු සතර දත්තෙක්
ගල් ගෙඩි ගඩොලු නෙක හැඩ
එකිනෙක මතින් තබමින්
කඩ කඩ හදන සෙල්ලම්
නෙක නෙක දනන්
නෙත සිත සනසන
වාස්තු රත්න මවන සෙල්ලම්

අතීතයෙ එක මොහොතක
ප‍්‍රාණය ලද හඩකට ලැබි
අරුතක් විනිසන්නට
කාලයෙන් ඔබ්බට ඇදෙන
කඩ කඩ හදන සෙල්ලම්

කිසිදා නිම නොවන
කඩ කඩ හදන සෙල්ලම්


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්