මුළු ලොවම ජනේලෙන්, මගේ පසුපසට යයි!




බසයේ නැගී
අසුනකට බරවුනාම
මුළු ලොවම ජනේලෙන්
මගේ පසුපසට යයි!


ලයිට් කණු බෝක්කු කොඩි වැල්
බැනර් කටවුට් පෝස්ටර්
ඈනුම් අරින කටවල්
කේඩෑරි හකුපාඩ ඉලන්දාරී කටුවැල්


එකම බඩු මුට්ටු පිරුණු නෙක නමින් වූ ග්‍රොසරි
එකම රස එකම දෙස කෑම බීම ටින් පැකට් ඇසිරි
වෙළඳ පොළ මග දෙපස කිසිම වෙනසක් නැති
මග දෙපස මා පසු කර ඇදෙයි නැති කිසි හිරි


සංවර්ධනය කළ ඉඩ කඩම් ගොඩ කරපු
ඉඩම් වෙන්දේසි පයිප්ප කරාම විදුලි සන් කරපු
ඇල වේලි ඉරි තලා සයිබර් කඩ වැහි වැහැපු
මග දෙපස මා පසු කර ඇදෙයි අතීතෙට වල කැපුණු


කොන්ක්‍රීට් වනන්තර ෆයිනස් නගරාන්තර
අසිරිමත් ජාත්‍යන්තර හරිත පැහැ ක්‍රීඩාංගන
දකිනමුත් නිරන්තර නගර තාර පාර දෙපස
බසයේ තවමත් ගමන ලොවම පසුපස ට යන

ක්‍රිෂාන්ගේ මුල් කවි‍ය මුහුණු පොතෙන්

Comments

rasi said…
බසය නැවතුන විට
මුළු ලොවම
මා සමග නවතියි!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු