කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?


* මේ වනචරයාගේ හිස ගසා දැමීම සඳහා මාගේ කඩුව මා අතට දෙනු මැනවි සෞම්යනි

දිරියෙන් යුධ කළ ඔබ සමගින්නේ
සෙනගින් පිහිටද නොම සොයමින්නේ
තනියෙන් සටනට හැර පියෙමින්නේ
මෙබසින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ


ඔබ කියනදේ මට නොතේරෙයි සෞම්යනි
මේ සාහසිකයා පරාජය කළෙමි
ඔහු අවසන් කිරීම සඳහා
නොපමාව කඩුව දෙනු මැනවි

මේ වැදි රජට සිය සෙනග සමග
එක වරම අපව නසන්නට ඉඩ තිබුනේ නොවේද හිමියනි
එහෙත් ඔහු ඔබ සමග තනියම සටන් කළේය
ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන්
හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ
ඔහු මරා දැමීම නොවටනේය හිමියනි
ඔහුට සමාව දෙනු මැනවි

[මෙය හිස්තැනකි.
කවියක හිස් තැන් තිබිය හැකිද?
නැත.
සිදුවිය හැකි බොහෝ දේ
වචන බවට පත් වූ විටෙක
කාලයා ගේ ඇවෑමෙන්
මේ හිස්තැන්ද පුරවා ලිය හැකිය. ]

කොයි වේලේ හෝ කඩුව
ඔහු අතට පත්වන්නේමය ...
ඉදින් රජතුමනි
කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?

ඊ ඒ ඩෝසන් ප්රීති
031209

* මනමේ නාටකයේ වැදිරජ මෙල්ල කරගත් මනමේ කුමරුන් සිය කුමරියගෙන් කඩුව ඉල්ලා සිටි අවස්ථාවේ දෙබස් ගීතිකාවන්ගේ උපුටනයකි.

Comments

අන්ද මන්ද වූයේ ම සිතා මෙ පුවතින කින්ද සිදුවූයේ අරුමා

සින්දවු ගෙල සැමියා කවර සෙනෙ යන්ට යව මෙහි නොසිටා

අමන ගති ඇති මෙවැනි අඟනන් මවැනියන් හට කුමණ සරණ ද?

කකා

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්