පැරණි කවියෙක්


පැරණි කවියෙක්

අප්‍රාණික පුරැෂ ලිඟුවක් සේ
පැරණි කවියෙක්
හැකිලී ගුලි වී සිය තට්ට හිස
පෙන්වමින් නියවයි...

එදා පායපු සඳත්
සඳපානේ නැග ආ කැරැල්ලත්
කැරැල්ලට තුඩු දුන් හේතුත්
‍දෙතිස් ගුණයකින් ලියලා තිබියදිත්

අප්‍රාණික පුරැෂ ලිඟුවක් සේ
පැරණි කවියෙක්
හැකිලී ගුලි වී සිය තට්ට හිස
පෙන්වමින් නියවයි...

ඩෝසන් ප්‍රීති
050909

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු