ඒ අසල ගස මත...


ඒ අසල ගස මත...

සිඳී ගිය විල්තෙර
සමාධි සුවය සොයන විහඟ නුඹ
මඩ කඩිති පය එරී ගිය
ගමනක අවසනය නුඹ ළඟ මම

සඟවා තබමි මඩ යට
බඩතුර හොවා ආ ආයුධය මේ දුර
විහඟුන් සමග කුමනයුර
සන්නද්ධ අරගල ද සුමිතුර

සිඳී ගිය විල්තෙර
මරණය වැළඳ වැතිරැන නිහඩ බව
විහඟුන් සේනා ද තටු බිඳුන
සමාධි සුවයට බාධා කරනව ද

මනුස්ස ඇට කටු ඔලු ද සිදුරැ වුන
තවමත් සිහිනෙන් දකින බව දනිමි දිගු රැය
කලඹයි ද නුඹ සියුමැලි සිත
රාත්‍රිය පමණක්ම නොවේ බියකරැ -දැන ගත යුතුය එය අද

විල නැවත පිරෙනු ඇත නිල් දිය එමට ඇත අහස් කුස
විහඟුන් සිකිපිල් විදා ගගනත පියාඹනු ඇත අහස තවමත් හිරිකඩය
සීතල කඳුළු කැටවල උණුසුම දැනෙන්නේ කොපුලටම නොව මමිතුර
හංස ගී ගයන්න ද විලක දිය මත උන් සිටිය යුතුමය- පියුමට ඔපය එලෙසය

අවිය සඟවමි මේ තැන...
කතිරයක් දමා ඇත ඒ අසල ගස මත...

ඩෝසන් ප්‍රීති
090909

Comments

ඩෝසන් ට ඌණ පූරණයක්...

...
වැළලූ තැන අවිය
නැත මිනිස් පුලුටක්වත්
කඳවුරු වලය උන් තවමත්
මිනිස් සළකුණකට
කතිරය පමණි ඈත්තේ

පිය සළා ඉහළින්
බිම බලති මුර උකුසන්
කරකැවෙයි එළියක්
සොයා සැඟ වූ අවි

මෙහෙම ගියොතින් නම්
හසු වෙයි මගේ කතිරය
වැළලූ අවිය හා
අන්තිමේදී මා වත්

වැර දා හඬ නඟමි

ගෙනෙවු මෙහි වූ මිනිසුන්
උන්ට ඉඩ දෙනු සොයා ගන්නට
මා වළ දැමූ අවි

හකුළා ගනිල්ලා
කැරකෙන සෙවුම් එළි
යුද්ධය ඉවර නම්
මොනවද හොයන්නේ?

අඩු කරවු උකුසන්
යවාපල්ලා උන් නිවාඩු
හැකිනම් හිරේවත්

බිය විය යුතු නොවේ
මා නඟනා හඬ
රැව් නඟන්නට හිඳිති දහසක්

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්