දේවි ගාල්ලගේ -සරෝජිණී දැරණියගල කවි පොත් එළිදැක්වීම



සහෘද සොයුරැ සොයුරියන් දෙපලකගේ පොත් එළිදැක්වීමක් ගැන කරන සහෝදරාත්මක ඇරියුමක් ලෙස මෙම කෙටි සටහන මම හඳුන්වා දෙමි.

සරෝජිණි දැරණියගල සහ දේ වි ගාල්ලගේ දෙදෙනාම මා හමු වූයේ රාවය පත්තරයේ මකරන්ද කවි පිටුවේ දී ය. ඔවුන් හා නිර්මාණාත්මක ඇසුරක් තිබුනෙන් ඔවුනගේ මේ කුළුඳුල් කාව්‍ය පුස්තකයන් එලි දැක්වීමේ සුපහන් සාහිත කටයුත්තට මගේ සුභාශිංසන පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.

එමෙන්ම මේ එන සැප්තැම්බරයේ දෙවන 2 බුධ දින කොළඹ නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ සවස තුනට 3.00 පැවැත්වෙන විද්වත් දෙසුම් අසන්නට ද කිවියර රසික විචාර හමුවට දායක වන්නටද මෙලෙසින් ආරාධනා කර සිටිමි.

දේවි ගාල්ලගේ ගෙ "ආලෝචනය" ගැන දෙසුම කථිකාචාර්ය සමන්ත හේරත් විසින් ද

සරෝජිණී දැරණියගල ගේ "වෙන්දේසි වූ ප්‍රේමය" ගැන දෙසුම කථිකාචාර්ය චින්තක රණසිංහ විසින් ද පවත්වන්නට කටයුතු යොදා ඇත.

කවියට හිතැති සියල්ලෝ මේ අවස්ථාවට සහභාගී වෙත්වා!

Comments

දුකා said…
Sep 2 m m mm hitala balanna puluwan wage . . .

oththuwata sthoothiyi . . . !

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්