සුරඟනගේ ගබ්සාව

කවි නොලියන මා වෙත
කවි ම නිරතුරු ප්‍රසූත කරන
සුරංගනාවියක් පැමිණ ඇත
ගබ්සාවක් කර ගන්නට

විශ්වය ඉපදුනි ද කිසි මොහොතක
කිසිවක් නොතිබු තැනකින් මතු වුනි ද අච්චර
සිතා ගත නොහී පුංචි සුරඟන
මා වෙත පෑය ඇගේ හිස් සඳ වත

දෙකකුල් මෑත් කොට
මතු කර රහස විශ්වයම නිරුත්තර
දෑඟුලක් පමණ විනිවිද
පෑවෙමි කාලය තෙවසරක් බව කළලෙට

මේ සා කලක් දැරුව ද
කළලය නොමැත වී වර්ධන
දරා තවදුරටත් මේ බර
කුමන ප්‍රතිඵලයක් ද කවි නොලියන මිතුර?

ඈ මගෙන් අසන්නී
මා කුමක් කියන්නේ
දෑස විපිලිසරව
කටු බටු ආම්පන්න ගතිමි දෑතට

කිසිම දෙයක් නොමැති තැනකින්
ඕනම දෙයක් ඉපද විය හැකි බව
සුරඟන මුමුණද්දී
ඒ සියුම් කළල බීජය මරා දැම්මෙමි සුණු විසුනු කොට

විශ්වය නැවත ඉපදී ඇති බව
දුටිමි සුරඟන පියඹා ගිය කල...

16/08/2012

Comments

Anonymous said…
UMBATA PISSUDA BAN ?
මොන කළලයද ගබ්සා කරලා දැම්මේ ? එතකොට කොයි කළලයටද අවුරුදු තුනක් වෙන්නේ ?
මට මේ ටික තමා තේරුං නැත්තේ. කවිය නම් ගින්දර !
දුකා said…
කොයි එකද දැන් මේ වර්ධනය නොවුනු කළලය?
මේක නම් ඉඳහිට වත් ලියනවනේ . .
Anonymous said…
මට තෙරෙන විදිහට...

කවියා සුරඟනකට පෙම් බැඳලා වගෙයි. කලලය තමයි ඒ පෙම. නමුත් ඒක වැඩෙන පෙමක් නොවෙයි, ඒකයි නොමේරූ කලලයක් කියන්නේ. අවුරුදු තුනක් ගතවුනත් නොමේරූ ඒ පෙම හිතෙන් ඉවත් කිරීමයි මේ ගබ්සාව...

සබඳ කදිමයැ ඔබේ පදවැල්...
ගිය හකුරට නාඩන්නේ අලුත් සීනි අරගන්නේ...
පට්ටයි ඈ!
Anonymous said…
කෙසේ උනත් අපූරුයි සහෝ!
කවි විරහව නැති වෙන්න.......... සුරගන සමග විවාහ වෙන්න ... එතකොට ... ගබ්සා අනවශ වේ

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්