ලිෂාන් & පහන්
ලිෂාන් මල්ලිව හමු වෙන්න කාලයක් දැරූ උත්සාහය සාර්ථක වුණේ ඊයේ සැන්දෑ යාමයේ දීය. ලිෂාන් මල්ලි පහන් මල්ලී ද සමගින් අප හමුවන්නට ආවේ නුගේගොඩ මැක්ඩොනල් එක අසළටය.
ලිෂාන් මගේ සයිබර් වැඩකටයුතු වලට දුරින් හිඳ බොහෝ උදව් කරනා සහෘදයෙකි. ඔහුගේ ශ්‍රමය නොවන්නට මේ බ්ලොගයේ හැඩරුව මෙන්ම හකාවතියේ හැඩරුව ද කවර කලෙක වත් ඇසට ප්‍රියජනක ස්වරූපයක් නොගන්නවා නියතය.
මා පැමිණියේ රාජකාරි කටයුත්තකට වුව ද ඔහු සමග ඇති වූ කතා බහ අතිශය ප්‍රියමනාප විය. කාලයක් තිස්සේ ඔහුගේ නිර්මාන පරිහරණයෙන් මා ලබා සිටි ඔහු පිළිබඳ රූපය වඩාත් තීව්‍ර වන්නට ඒ හමුව හේතු විය.
කියවීමේ රුචියෙන් ආතුර ව කල් ගෙවනා ලිෂාන් ඒ ආවේ ද පොත් දෙකක් අතේ රඳවා ගෙනය.
ඔහු හමුව මෙසේ සටහනක් ලෙස තබා රඳවමි.

Comments