රොමියෝ ජුලියට්ලා-ලබන මාර්තු 30

 
මේ දැක්වෙන්නේ ලබන වසරේ 2013 මාර්තු 30 තිරගත වීමට නියමිත "රොමියෝ ජුලියට්ලා" නම් වූ සිංහල වේදිකා නාට්‍යය, දෙදෙනකු ට නැරඹීම උදෙසා මුද්‍රණය කල ප්‍රවේශ පත්‍රයකි.

මේවා ඊයේ දවස තුළ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණය අසල එලිමහනේ විකුණමින් සිටියේ තරුණ කණ්ඩායමකි. මා වෙත මෙම සුවිශේෂී ප්‍රවේශ පත්‍රය දිගු කරමින් කතාවට වැටුණු තරුණයා පැවසූවේ කිසිවෙකුත් මෙම නාට්‍ය උදෙසා මූල්‍යමය අනුග්‍රාහකත්වයක් නොදක්වන බැවින් කල් ඇතුව මුදල් සම්පාදනය කරගැනීම උදෙසා මහන්සි වන වගය. ඔවුන්ගේ සාමුහික ප්‍රයත්නය සාර්ථක වේවායි යනු මගේ පැතුමයි.

ටිකට් පතක් රුපියල් පන්සීයකට මිළ කර තිබූ එම නාට්‍යය දර්ශනගත වීමට මාස තුනකට පෙර ම ප්‍රවේශ පත්‍රයක හිමිකරුවකු වන්නට ලැබීම ගැන ද සතුටු වෙමි.

මෙම නාට්‍ය යේ සංවිධායකවරු වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ එම් කේ එල් චතුරංග සහ සුසන්ත ප්‍රදීප් (0777 542 129) ය.

Comments

හිරු said…
ගොඩ කාලෙකින් වේදිකා නාට්‍යයක් බලන්න බැරි උනා කියලා මතක් උනේ මේක දැක්කම... ලොකු ආසාවක් ආවා මේක බලන්න යන්න.. ෆොන් නම්බර් එක තියෙන නිසා ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.. බොහොම ස්තූතියි මේ ගැන ලිව්වට..

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්