වචන නම් හීසරය


වචන නම් හීසරය
තියුණුය‍ සුසරය
පරදා සෛන්ධව කුර
පවන් රැළි කපා යයි අසුරු සැණ

ඇමිනෙයි දුබල තැන
පසාරුව ගැඹුරටම
මෙලෙක් තම සිරුර
පසා වූ බවද නොදැනම විටෙක

පොලා පනියි නැමී දුන්නක සේම
හමුව දැඩිබව
එනමුත් සිය ගමන් මග ම
ගනී හී සර සැමවිට

හී සරය උගුලා දමත හැක
එනමුත් සිදුර එය පසා කළ
වසා දැමුම එතරම් පහසු නැත

සිදුරු ඉතිරිවන
සදා කල් සිහි කරයි
වචනයක තියුණු බව
චණ්ඩ බව

පිටවූ කල දුනුදියෙන් පිටතට
වචන හීසර මුවගින් එසමව
එය සැදු සිදුරු ගැන තැවී ඵල නැත
හදවත් සිදුරු වැසුනු කලක් නම් නැත

[රෑ දොළහ වනතුරු වීරයා දුරකථ‍නයෙන් පැයක් කතා කළ පසු අඩ නින්දේ ලියැවුනු දෙයකි මේ... ]

6/8/2010
ඩෝසන් ප්‍රීති

Comments

මෝඩයා said…
වචන....
වැදගැම්මකට නැති
අර්ථකතන....
අතන මෙතැන කොතැන
ගියත්.....
කනට වැටෙන
වචන...
හදට වදින....
හිත තලන….
මොට ආයුධ...
වචන.....
සිහින ඉරන....
සිනහ මරණ....
තියුණු කග...
වචන........

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්