හැම ගඟකම ඉරණම

හැම ගඟකම ඉරණම

හැම ගංපතුලකම
ඇත රුදුරු සළකුණක්
නොයා පසා කර කබොල
නවතින්නට දී අණක්

හැම ගංගාවක්ම
ඇදි ඇදී යත්ම පොළව මත
වැඩි වැඩියෙන් හාරයි එහි
පතුල ගැඹුර වැඩි කර කර

දකිනු රිසිව පොලෝ ගැබ මධ්‍යය
ඛාදනය කර ගං පතුල සිවි ගෙය
ගංගාවෝ ගලා යති
කිසි දිනෙක මහ පොළව මැද නොදැක

හැම ගඟකම ඉරණම
මහ මුහුද පමණිය එහි තරම
පොලෝ ගැබ පලා සැඟවුන
එකම ගඟ නැත තවම ඉපදුන


ඩෝසන් ප්‍රීති

08/2010

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු