MAY be D & G ස්තුතියි සක්විති!
MAY be D & G
"දාස් කැපිටාලය" ද නුඹ ඔය
පපුව මත්තේ ඇඳන් ඉන්නේ?
එහෙමත් නැත්නම්
අලුත්ම කොපියක් ද ඒකෙම
හරියට "දාස් ගැටකැපිලි කැපිටාලය"
නුඹ අතින් ඉන්දියාවෙදි ලියැවුනු?
මට නොතේරෙයි කුමක් දැයි D & G
දාස් කැපිටාලය නම් D & C විය යුතුයැ:
දාස් කැපිටාලය නම් D & K විය යුතුයැ
එහෙනම්
සමහර විට
"දාස් ගැටකැපිලි කැපිටාලයම" විය හැකියැ
"දාස් ගැටකැපිලි කැපිටාලයම" විය හැකියැ
සමහර විට
"දාස් කැපිලි කැපිටාලයම" විය හැකියැ
"දාස් කැපිලි කැපිටාලයම" විය හැකියැ
G...ගැටකැපිලි
C...කැපිටාලය
K...කැපිලි
.....
.....
මට ඇත්තේ නුඹ ගැන සොම්නසකි
නුඹට රැවටුන අය ගැන දොම්නසකි
නුඹ කියා දී ඇත
"දාස් කැපිටාලය" නිවැරදි බව නැවත !
ඒ නිසාය සොම්නස!!
ඒ නිසාය සොම්නස!!
ප්‍රායෝගිකව
චිත්තාකර්ශණීයව
බොක්කටම
දැනෙන්නට!
"වටිනාකම් වශයෙන් සියළු හුවමාරු භාණ්ඩ කැටි කරන ලද ශ්‍රම කාලයෙහි නිශ්චිත ස්කන්ධ පමණි."
එබැවින් එය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රම කාලය නියතයක් ව පැවැතියේ නම් හුවමාරු භාණ්ඩයේ වටිනාකම ද නියතයක්ව පවතිනු ඇත. එහෙත් ශ්‍රම ඵලදාවෙහි සෑම විචලනයක් සමගම පූර්වෝක්තය වෙනස් වෙයි. මෙම ඵලදාව විවිධ තත්ත්ව මගින් නිශචය කැරෙයි. වැඩකරුවන්ගේ නිපුණත්වයෙහි මධ්‍යක ප්‍රමාණය, විද්‍යාවෙහි තත්ත්වය, එය ප්‍රායෝගිකව වහරට ගැනීමේ පරිමාණය සහ භෞතික තත්ත්තවය ද ඒවා අතුරින් සමහරකි.
ප්‍රාග්ධනය
ධනපති නිෂ්පාදනය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්
සිංහල සංස්කරණය ජයතිලක ද සිල්වා
වැඩකරුවා ඉතිං නුඹමය!
විද්‍යාවේ තත්ත්වය ගැන කතා කර කුමට
විද්‍යාව ප්‍රායෝගිකව වහරට ගන්නට විද්‍යාවේ තත්ත්වය ගැන කතා කර කුමට
නුඹට විදග්ධයන් ද උර දී ඇත
භෞතික තත්ත්ව අපූරුය; එහෙමය!
නිශ්පාදන හිර වූ විට;
ශ්‍රම අතිරික්තයක් නොවන
කැපිටලයම සූරා කන්නට
සූත්‍රයක් නැති කල
පිරමිඩය දෙදරා ගිය විට...!
"එහෙම" උපයන්නවත්
"එහෙම" ධනවත් වන්නවත්
මේ "ක්‍රමය" සැදී නැති බව
නුඹෙ ජීවිතයත්
නුඹට රැවටුනු ජීවිතත්
අපට පෙන්වා දී ඇත්තේය
දැන් මිනිසුන් ආයෙමත් ඉඟිමරයි- තළුමරයි
නුඹේ ආගියාව- යටගියාව ගැන
පත්තර පිටු පිරෙයි;
චෝදනා- පැමිණිලි- වාර්තා
පුවත්පත් වර්ගඵල පුරවයි
පුවත්පත් වර්ගඵල පුරවයි
ලියන්නන්ගේ බඩකට පුරවයි
එනමුත් සියල්ලන් නොලියන
එනමුත් සියල්ලන් නොදකින
නුඹ කියා දුන් පාඩම යට නොයයි
නුඹ ඉපැදුනේ උගන්වන්ටම බැවිනි!
මිනිසුන් සූරා කෑ යුත්තේ සෙමිනි!
මහන රෙදි කඩක මැහුමකට යන ශ්‍රමය
බිංදුවෙන් බිංදුව පමණි සූරා ගත යුත්තේ
ශ්‍රමය සූරා ගත යුත්තේ සෙමිනි; නිසොල්මනේය!
තැලෙන පොල් ලෙල්ලක කෙන්දක තරමින්
ස්වල්පයෙනි එ ලෙලි තලන්නා සූරා ගත යුත්තේ
එබඳු කෙදි සහසකින් සහශ්‍රයකින්
එබඳු අතැඟිලි දහසකින් සහසකින්
වැගිරේ ලාභය
සීරෙයි රුධිරය
නොපෙනෙයි එය සූරා කෑමක් වංචාවක් බව
නිරුපද්‍රිතයි ඒ සොරකම!
ඉතිං නුඹ අපට කියා දී ඇත
ධනය
ධනය
එක් රැස් කළොත් චණ්ඩ ලෙස
විනේ කටින බව!
එනමුත් සතෙන් සතේ
මිනිස් රුහිරු-දාඩිය සොරා ගෙන
සල්ලි කඳු ගොඩ ගසන එක...
නීත්‍යානුකූලයි!
පවිත්‍රයි!!
අකලංකයි!!!
"මේ බී දාස් කැපිටාල්..."
"මේ බී දාස් ගැටකැපිලි කැපිටාල්..."
නුඹ අපට උගන්වා ඇත
ස්තුතියි සක්විති!
ඩෝසන් ප්‍රීති