මල් පෙති හඩා ඇත

මල් පෙති හඩා ඇත
රාත්‍රිය පුරාවට


උදෑසන සිහිල් බව
පිනි කඳුළු නිසාමය


ඒ සිහිල හරි ඝණය
තිමිරයකි ලේ වැකුණ


දෑස් හැර නොබලන්න
ග්‍රීෂ්මය අත ළඟම


අවි එකින් එක මැදෙන
කූජනය කන් පෙලන


හඩන්නට කඳුළු තව
උනනු නැත මතු දවස

Comments

Anonymous said…
ළඟම එන ආගමික යුද්ධයක පෙර නිමිති ද මේ?

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු