ආණ්ඩුව...

රතැස් දිලෙයි
ඇසත් වැසෙයි
එහෙත් දකින්නෙනි
ඒ නිලැස්මය- නීල වර්ණිත
කාරුණිකමය
නැත වෛරයේ ගිනිජාලා


හිරු වුවත් මධ්‍යාහ්නය
හිස මුදුනින් නැගෙන විට
සඳමය ඒ
සඳකැලුම් පමණිය
පතිත පොළව මත
ආශ්චර්යය මෙතෙකින් නොනිමිය


දැවුනද බඩපොතු කිහිර අම්ලයේ
ඒ රස බොජුනකි දැවෙන ආමාෂයේ
ඇස් සිදුරෙන් රිංගන ක්ෂීර ගං තලාව
ගලා හැලෙයි ළදරු මුව විටින් කුස මත


පොරොන්දු පිපී ඇත
කේතුමති බිම්කඩේ පඳුරු මත
නැගෙයි බිය අප්‍රමාණ
ගිලී මියෙයිදැයි
දණිස තෙක් වන් මේ
නොගැඹුරු විල මත
අනෝතප්ත...
 සබඳ,
ආණ්ඩුව සුරබිදෙනක්!

09032011

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු