"එය"

"If no one asks me, I know what it is; if I wish to explain what it is to him who asks me, I do not know." * Augustine of Hippo, the bishop in Roman Carthage (A.D. 354-430)


කිසිවෙකුත් නොඅසන තුරු
මම "එය" හොඳින් දැන සිටිමි
 කිසිවෙකුත් "එය" අසන මොහොතෙහි
"එය" ඔහු වෙත නිරවුලින් පෑමට
තැත් දරන සැණින්
මම වටහා ගනිමි
මා "එය" නොදන්නා බව!

මම "එය" දනිමි
එමෙන්ම නොදනිමි;
නුඹ කෙසේ නම්
වටහා ගන්නේදැයි "එය"
පවසන්නට
අසමත් වෙමි.

අසමත් බව දැන ගන්නට ද
ප්‍රමාද වෙමි.

දන්නේ යැයි මගේ සිත"එය" -මට කියනා විට
"එය" නොදන්නේ යැයි අනෙකා මට -හැඟවුම් කරනා විට
නිහඩ වෙමි-ගල් වෙමි-කල්පනාවට බර වෙමි-බැරෑරුම් වෙස් පාමි
නිහඩ බව යනුම සමුද්‍ර ඝෝෂයකි එවිට;

නිහඩ බව යනු "එය" දත් බව පානා
කැඩපතකැයි ද
එහි අතාත්වික ප්‍රතිබිම්බයට පිටුපසින්
මට සැඟවී සිටින්නට හැකි යැයි ද
මම සිතමි- මම සිතුවෙමි
නැත
මට සිතෙයි- මට සිතුණි.

"එය" නිමවන
"අවිඥානය" නම් ගල් මෝඩයා!
මම තගේ දැලේ පැටලී සැනසෙමි; වැනසෙමි.


*උපුටනය "කාලය ඇරඹුනු කල" කෘතියෙනි.
WHEN TIME BEGAN-BOOK V OF THE EARTH CHRONICLES BY ZECHARIA SITCHIN

Comments

Anonymous said…
කලකට පසුව විත් , හරවත් දෙයක් තබා ගිහින්..

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්