Posts

Showing posts with the label හෂිත අබේවර්ධන

මනෝසීල-හෂිත අබේවර්ධන

'මනෝසීල' මුසා ඇසෙන විදුලකරේ දොරින් මෙපිට 'රජ රන්' දැක දැක සැනසෙති ගිනි කණ වැද නුවරුන් කැළ කොළඹ පාර දිගේ ගලයි රිය පෙරහර නොලස වෙසින බාල තෙල් බුදින අස් පෙළ හති හල හල මග හිට හිට උඩ ගිණිකෙළි වට සැණකෙළි පලස් අතුරුවා මහ මඟ ලාබ කොට බෙදේ දර්මය පසල් දනව් යට කර කර නගර ගුත්තිකට හිමිකර නගර දොරටු හිවි පහ පෙළ අංගනියේ අංගාණිය යුහුව තැනෙන බව නොම දැන තුරු පෙළ තැන තැන බැබළුන පෙලා නා රුකින් සසොබන ශෘංගාරය උතුරා යන සල් පිල් පෙළ නැඟේ රුවට හෂිත අබේවර්ධන 12-09-2011

සූරියෑවේ හන්දිය සහ සුසා

Image
සූරියෑවේ හන්දිය… ඔහෙත් එනවැයි යන්න වුල්ප් උන්නැහේ ගෙ උදවිය ආයෙමත් ඇවිදින් නඩු අහන සියඹලා ගහ යට පිට්ටැන්නකුත් හදාගෙන පන්දු කෙළියට කුරක්කන් ගානට ඉලක්කන් දාන පෝරුව යට ආරච්චිගේ නෑ කට්ටිය ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව ඒ කාලේ වාගේ නෙවෙයි කාට නං මතකක් ඇද්ද මීගහජඳුර ඕං දැං සූරියෑවේ හන්දිය සෙයිලම වාගේ ලොකුවට රෑ මද්දහන වෙනකං ලැයිට් පන්දං පත්තු කරගෙන සිළිඳුට වැහුනු යක් දෝසය ගිරිස් ඇඟ පුරා ලාගෙන පිළිකණු ගානේ යනවලු ගෑණු බය කර කර 2011-08-26 හෂිත අබේවර්ධන හෂිතගේ මේ කවිය මට මීගහජඳුර මතක් කළා. මවුආර ව්‍යාපෘතියේ ගත වුණු සොඳුරු කාලය යලිත් මතකයට නැගුණා. "මවු ආර" ඔලුවට එන හැම වේලෙම මතක් වෙන අනිත් සංකේතය තමයි "ඒ ඩී එස්"! ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මවුආර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ. "ඒ ඩී එස් මහත්තයා" එහෙම නැත්නම් "වතුර මහත්තයා" දැක්කම දුරක සිටම අපි සේරම ගල්භීත වෙනවා. "ඒඩීඑස්" කියන්නේ යක්ෂයෙක් වගෙයි ඒ කාලෙ අපි හැමෝටම දැනුණේ. ඒ 1998 දී විතර... ඒඩීඑස් මහත්මයා යක්ෂයෙක් වගේ අපට පෙණුනට එතුමා තරම් දක්ෂ- නීතිගරුක- අවංක රාජ්‍ය ස...

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව-හෂිත අබේවර්ධන

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විනෝද සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විඳවන සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් එල්ලෙන සුරපුරයක් බව සිහිනය සිහිනය සිහිනෙන් කියනුව සිහිනය බිඳුමට ඉඩ නොලැබෙන බව හෂිත අබේවර්ධන 18/08/2011 What follows from these precise distinctions is that, for Lacan, superego "has nothing to do with moral conscience as far as its most obligatory demands are concerned" [2]: superego is, on the contrary, the anti-ethical agency, the stigmatization of our ethical betrayal. So which one of the other two is the proper ethical agency? Should we - as some American psychoanalysts proposed, relying on a couple of Freud's ambiguous formulations - set up the "good" (rational-moderate, caring) Ego-Ideal against the "bad" (irrational-excessive, cruel, anxiety-provoking) superego, trying to lead the patient to get rid of the "bad" superego and follow the "good" Ego-Ideal? Lacan opposes this...

කවියක් සහ එගැන ගෙතුමක්-[කවියක පුරා විද්‍යාව..] හෂිත අබේවර්ධනගෙන්

පීතෘ භුමිය හිරු රැසින් නැහැවුන මිටියාවත කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි ගීත ගයමින් ගලා යන ගංගා සියොතුන් පියාඹන නිල් අහස වීය අප සැමගේම පොදු වස්තුවක් කිසිවෙකුට අයත් නොවූ භුමිය වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක් සැමදෙනා සමගිව සිටියෙමු භුමියේ වැඩෙන ගස් වැල් ලෙස කාලයක් මෙලෙස ගිය විට ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම් බෙදා වෙන්කර ගනිමින් මගෙයි මගෙයි කියමින් භූමියට කුරිරු ලෙස වධ දී උපයාගත් රන්මසු වලින් මිලට ගත්තෝය වහලුන් කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ බෙදා වෙන්කරගත් භුමියේ පහල විය නීති රීති ගරු කල යුතුයි දේපලට අසල්වැසියාගේ නීතිය කැඩුවන් කුදලාගෙන ගියහ නිරී සතුන් සේ සින්දෝය ඇතැමෙකුගේ අතපය තියුනු අසිපත් වලින් අහසින් කඩා වැටුනෝය පැලැන්තියක් පූජකයන් කියාගත් පෙන්නා දෙව්ලොව අපට සින්දෝය උන් අපගේ සාක්කු කූඩැල්ලන් මෙන් ගිජුව සාරය උරාගත් භුමිය දෙවියන් විසින් අපටම තිලින කල භූමියක් බව ඇතැමෙකු කීහ සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව තරයේ අවධාරණය කළහ පීතෘ භුමිය ආරක්ෂා කරනු ඔවුන් අපට විධ...

පතිනි කාලිය..! අවිච්ඡේද්‍ය විද්‍යුත් හා චුම්බක තරංග කියැවීමක් ලෙස

Image
පතිනි කාලිය..! රම්භා සේය වුවනත රතු තිලකයකි නළලත පතිනි සිරිමා වැනිය දෙනුවන කාලිය නිදයි හද ගැබ වේදනාවක් දරා අතීතෙක බෝදිලිමාට වුව අමතක කොයි ගොසින් කොයි යම්ද සත් සියක් පිරිවරට රැවටුන රත් මල් සුන් බුන්ව විසිරුන රත් කසී සළු වැතිර වැරහැලිව මණ්ඩල මිණි පියුම සුපුල්ලිත ඇතුලත් පිටත් ගැටයුත් න්‍යාසය මහා පොදු සාධකය කැටි කළ අන්තරීක්ෂය ක්වාසාර ස්ඵන්දනය වන තාරකා දොරටුවයි පතිනි කාලිය දෝලනය වන හෂිත අබේවර්ධන හෂිතගේ මෙම කවිය මාගේ සිත අවුළුවයි. මුල සිට පහලට  පිළිවෙලින් එන වචන මසිත විවිධාකාර වූ සිතිවිලි රූපකායන් සහ ඒ සංඥාර්ථයන් හා බැඳුනු පුරාණෝක්ති සහ භෞතික විද්‍යාත්මක කතන්දර එකට පැටලී ගිනි දළුලයි. එම ඇවිලිල්ලෙන් යමක් ශේෂ වන්නේ ද ඒ මේ සටහනයි. අප දන්නා විශ්වය අවසාන වශයෙන් තැනී ඇත්තේ ශක්තියෙනි [Energy]. ශක්තියේ විවිධ ප්‍රබේධ වලිනි. ස්වරූප වලිනි. අන්තරීක්ෂ කිරණ යනු විශ්වයේ හටගැන්මේ පටන්ම සකලවිධ දිශාවන් හි සමාන්තරව ගලා යන සූක්ෂම ශක්ති විශේෂයකි. එය විශ්වයේ සෑම තැනම එකකාරව පවතී. සමහරු මෙයට විශ්ව ශක්ති යැයි පවසනවා ද විය හැකිය. කෙසේ වුවද මෙම පසුබිම් ශක්ති විශේෂය පවතින්නේ තරංගමය ස්වරූ...