විද්‍යාව ඉගෙන ගැනීම සහ විද්‍යාත්මකව සිතීම – මහාචාර්ය කීර්ති තෙන්නකෝන්
තේල්ස්ගේ ජ්‍යාමිතික චින්තනයේ සිට නූතන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා කෘත්‍රිම බුද්ධිය දක්වා විහිදෙන මේ සංවාදය තුළ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මතු කරන ඇතැම් ප්‍රශ්න අපේ අධ්‍යාපනයත්, පර්යේෂණ සංස්කෘතියත්, අපේම සිතීමේ පුරුදුත් පිළිබඳව නැවත සිතන්නට අප පොළඹවයි.
විද්‍යාව දියුණු වීමට සැක කිරීමේ නිදහස මෙන්ම අසාර්ථක වීමේ නිදහස ද අවශ්‍ය නොවේද? ක්ෂණික ප්‍රයෝජනයක් නොපෙනෙන දැනුමක් සොයා යාමට අපේ සමාජය තුළ කොතරම් ඉඩක් තිබේද?
මහාචාර්ය තෙන්නකෝන් 1985 දී ලියූ ‘මූලික ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව’ නම් කුඩා පොත් පිංච කියැවීමේ භාග්‍යය මා ලැබුවේ 1988 දී පමණ ය. මා කුඩා කල ඒ බඳු දැනුමක් සිංහලෙන් ලියා තැබූ මේ විද්වතා මා දෑසින් දුටුවේ මේ වීඩියෝවෙනි.
පැයක කාලයක් වෙන් කර මේ සංවාදයට සවන් දෙන්නැයි මම ඔබට ආරාධනා කරමි.
සම්පූර්ණ සංවාදය නරඹන්න:
