ඉන්ද්‍රනාත තේනුවර සිතුවම්කරණයේ ඩිජිටල් මානයේ එවරස්ට් කන්ද තරණයට පිවිස ඇත. අප එම ගමන් මග කටුක දුෂ්කර සැතපුම් කණු දුටුවේ නැති වුවද එම යෝධ අතීත ශ්‍රමයේ මහා ප්‍රතිඵල ඇස්පනා පිට විඳිමින් සිටිමු.
මේ ඊට නිදසුන් කීපයකි. තව තවත් රූ අප නෙත් අභියස පිදේවා යන පැතුමන් මෙහි තබමි.
සිතුමිණි රත්නමලල
ඉන්දික ගුණවර්ධන
මේ චිත්‍ර සටහන් උපුටා ගැනුම මුහුණු පොතේ ඉන්ද්‍රනාත තේනුවරගේ කටු සටහන් ඇල්බමයෙනි. මෙතනින් ගොස් එම සිතුවම් ලද ප්‍රතිචාරද දැකිය හැකිය.
Showing posts with label ඉන්ද්‍රනාත තේනුවර. Show all posts
Showing posts with label ඉන්ද්‍රනාත තේනුවර. Show all posts
Monday, October 18, 2010
ඉන්ද්‍රනාතගේ ඇසෙන් ඉන්දික ගුණවර්ධන සහ සිතුමිණි රත්නමලල
ටැක්සියේ නොම්මරේ:
Indranatha Thenuwara,
ඉන්දික ගුණවර්ධන,
ඉන්ද්‍රනාත තේනුවර,
සිතුමිණි රත්නමලල
Thursday, October 14, 2010
ඉන්ද්‍රනාත තේනුවර (නො)දුටු මා
ඉන්ද්‍රනාත තේනුවර මහතා ගැන අමුතුවෙන් ලියා තැබිය යුතු දෙයක් මා හට ඉතිරි වී ඇතැයි මම නොසිතමි. ඔහුගේ ඡායාරූපකරණ පාඨමාලා හදාරමින් සිටිනා සුවහසක් ගෝලයන් ඔහු ගැන මැනවින් දනී. දනන් මුවින් මුව ඔහු හැකියාවන් පිළිබඳ ඇගයීම් වහනය වේ.
මේ පූර්විකා ලීවේ ඔහු විසින් ඇඳි මා රුව රැගත් සිතුවමක් දැකුමින් උපන් සතුටිනි. මාගේ ජීවිතයේ කවර කලෙකවත් මෙවන් ත්‍යාගයක් මා ලබා නැතියෙන් එය සහෘද ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමි.
ඉන්ද්‍රනාත තේනුවර මහතාණෙනි, ඔබට නොවක් තුති.
ප.ලි.
මෙහි ඇති සුවිශේෂි බව නම් ඉන්ද්‍රනාත මහතා විසින් මා කවර කලෙකවත් පියෙවි ඇසින් දැක නැති වීම සහ මගේ ඡායාරූප ගොනුවක මෙයාකාර බැල්මකින් මා සිටිනා කිසිදු ඡායාරූපයක් නැති හෙයින් වෙනස් හැඟුම් සහ කෝණ ඔස්සේ නිරූපිත මාගේ ඡායාරූප කීපයක් බැලීමෙන් මාගේ හැඩරුව පරිකල්පනය ඔස්සේ මවාගෙන මේ සිතුවම ඇඳීමට පෙළඹීමයි. මේ නම් සුවිශේෂී හැකියාවක් බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ඉන්ද්‍රනාත තේනුවර
Subscribe to:
Posts (Atom)