සඳුන්ගේ දෘශ්ය කවිය ECT විදියට කියවාගැනීම හෙවත්...
සඳුන්ගේ දෘශ්ය කවිය Electro-Convulsive Therapy [ECT] විදියට කියවාගැනීම හෙවත් කවිවලින් ඔලුවට කරන්ට් ඇල්ලීම මේ නිර්මාණය මා මනස තුළින් හමා යන්නේ ඉලෙක්ට්රොකන්වල්සිවු තෙරපියක් Electroconvulsive Therapy (ECT) වගේ කියල සඳහන් කළොත් සමහර අය මේ කීව තෙරපිය ගැන හාංකවිසියක්වත් නොදන්නවා විය හැකි හෙයින් තවත් මේ වගේ දෘශ්ය කවි දුටු විට ඒවා රසාස්වාදනය කෙසේ වෙතත් පැත්ත පළාතකින් ඇස යවන්නවත් බය වෙන්නට බොහෝ ඉඩකඩ ඇත්තේය. විය හැකි එක් සත්යයක් නම් මෙවැනි නිර්මාණයක් හරහා අපි අද්දකින එබඳු කම්පනය කුමක් ද යන්න නිවේෂණය කර ගැනීම තුළින් අප අත්කර ගන්නා දැනුම හෝ පැහැදිලි බව යම් අයුරකින් සම්ප්රදායික කවියක් කියවා ආනන්දයෙන් ප්රඥාවට එළඹීමට වඩා හාත්පසින් වෙනස් අද්දැකීමක් වන බැව් අවබෝධ කරගැනීමයි. නැවතත් එම කළින් සඳහන් කළ තෙරපිය වෙතට ආවොත් එය සමහර මානසික රෝග පරිපාලනය සහ ප්රතිකාරය පිණිස භාවිත වන විද්යුත් තරංග ආශ්රයෙන් මොළය කම්පනය කරවා එහි රසායනික ජීව ක්රියාවලිය සොලවා දැමීමකින් එම ප්රතිකාරයට ලක්වන පුද්ගලයාගේ කිසියම් මානසික ආතතියක් හෝ පීඩන තත්වයක් සමනය කිරීම හෝ පාලනය කිරීම කරනු ලබන බව දැක්විය හැකියි. මේ...