එතර සිට කරන ඉල්ලීමකි -සුනිල් ගෝවින්නයන්
ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ද්විභාෂා පාරප්‍රාප්ත කිවිඳා වන සුනිල් ගෝවින්නයන් මා වෙත කවියක් එවා තිබුනේ ඊයේ ය. හෙතෙම තම මතක දිවයිනේ හැඟුමන් මතකයෙන් ජීවය ගන්වා වදන්වලට පෙරලා කොළඹ ගංවතුර ගැන පද බැන්ද ඒ මනෝහර කවිය මා සිත කැළඹුවේය. මේ එම කවිය සහ මා විසින් පිළිතුරු කොට යැවූ කවිද එක්කොට මෙහි තබමි. එතර සිට කරන ඉල්ලීමකි ලියන්නේ කවි කුමට මතක සඟවන රටට ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ 2010 මැයි 20 SG පැරකුම් මැතිඳු මෙන් ලියමි කෙටියෙන් නො ඉල්ලනු නැවුම් කවි නැත එබන්දක් ලියැවී! දෝර ගලා යන දෙව් මිනිස් ගැටුමක ලේ යුෂ නගර බිහිදොරින් ඇරඹි පල්දෝරු පිසිමින් ගලා යයි ඉතිං තවත් කොහෙන්ද දෙවිවරු උන්ගේ ලේ කඳ නොවැ මේ විසිරුණු මඩ පාටින් මේ සුගන්ධයෙන් රුදු ගලා යන්නේ පිස ...