අනුර ජයවර්ධනගේ ඇය සහ ඇය කියැවීමක්
මේ නිර්මාණය මට හමුවන්නේ අනුර ජයවර්ධනගේ මුහුණු පොතේ නිර්මාණ ඇල්බමයකිනි. එහි අන්තර්ගතය පිළිබඳ මගේ අදහස් දැක්වීම මේ ආකාර නිර්මාණ බොහෝමයක තිඹිරි ගෙයක් වූ මුහුණුපොත් වාසීන්ගේ උනන්දුව පිණිස මෙහි ලියා තබමි. සඳැස්- නිසඳැස් -ඡායාරූප මුහුවකින් මේ නිර්මාණය සංයුක්ත වේ. "එලා සිසිලක නදී එපා නොකියන මදී" මේ යෙදුම් දෙක තවත් සකස් කරන්නට වූයේ නම් කවිය වාගාලංකාරයට යට නොවන මධුර දෙයක් බවට යම් පරිපූර්ණත්වයකට යන්නට ඉඩ තිබ්බා. අරුත් සහ අරුත් නොවන දේ උදෙසා තාලය හුවමාරු කරගත් විට පැරණි සම්ප්‍රදායික කවිය ඇතුලේ සිදු වූ දේ ... මේක ඇතුලෙත් සිදු වෙනවා. ඒක නව කවිය නම් වූ නැටුමට කොර පුද්ගලයෙක් එබ්බෙව්වා වගේ වැඩක්. විසංයෝජනය පළමුවෙනි පද හතරේ එන පුරුෂ ලෝකයේ ආශාවේ කේන්ද්‍රය සහ වස්තුව වන ස්ත්‍රිය පිළිබඳ පාරභෞතිකය සදාතනිකව සූචනය කරනු ලබන සංකේතීය විශ්වය නැවත පරිකල්පනීය ලෙස ගොඩ නංවා ඇති හෙයින් එහි විසංයෝජනයම එම පද හතර අවසානයේ ම ලැබෙයි. එනිසා මේ කවිය වෙනත් බොහෝ නිර්මාණ මෙන්ම මෙටාෆරය පැටාෆරයක් දක්වා සංවර්ධනය නොවීමේ දුර්වලතාවය නිසාම ඔලුවක් ඇතුලේ සිදුවිය යුතු විසංයෝජනය ඉන් පරිභාහිරව ම භාෂාත්මක ප්‍ර...