Posts

Showing posts with the label තෝරාගත් කෘති

බන්දුල ජයවීර 'තෝරාගත් කෘති' නිර්මාණ සංග්‍රහය

Image
මා මිතුරු කිවි, පියන්කාරගේ බන්දුල ජයවීරයන් අනේක දුක් ගැහැට විඳ 'කවි පොතක්' පළ කොට ඇත. ඔහු අද මා හමුවන්නට පැමිණියේ ඔහුගේ 'අතීතකාමයෙන්' පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ 'තෝරාගත් කෘති' නම් වූ සිය නිර්මාණ සංග්‍රහයද සමගිනි. 2006 වසරේ සිට 'ගොඩගේ කාව්‍ය සහ ගීත ව්‍යාපෘතියේ' ප්‍රකාශනය සඳහා ගොඩගේ ව්‍යාපෘතිය විසින් තෝරාගත් මේ කෘතිය, ඉන් පසුව පොතක් ලෙස එලිදක්වන්නට වසර හතරක් ගත වූයේ මන්දැයි මම නොදනිමි. ඔහු ද එය තත්වාකාරයෙන් නොදනී. එනමුත් දැං එය පොත් රාක්කවලට පැමිණ ඇතිවා විය යුතුය. කෙසේ වුවත් කිසිදා පරණ නොවන කවි සැමදා සියතින් අකුරු ඇමිණෙන බන්දුලගේ සුරත මම සිප ගනිමි. ඔහුගේ නිර්මාණ දිවියට සුභ පතමි! මේ කෙටි සටහන ඔහුගේ 'තොරාගත් කෘති' ගැන විචාරයක් ලිවීමේ අදහසකින් නොවේ. ඔබ සියල්ලන්ට ද ඔහුගේ කවි පොත ඔහු වෙනුවෙන් මා දෝතින් පුදන්නටය. කවිපොතේ අන්තර්ගතය යුග යුග වලට බෙදී ඇත. පිකාසෝගේ චිත්‍ර යුගවලට බෙදුවා සේම නිල් යුගය, රෝස යුගය හෝ ඝණික යුගයාකාරයෙන් බන්දුලගේ කවිද අතීතකාමී,පශ්චාත් අතීතකාමී,පශ්චාත් නූතන, පශ්චාත්- පශ්චාත් නූතන යනාදි වශයෙන් උත්ප්‍රාසවත් ආකාරයකි...