Posts

Showing posts with the label Physics

ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes [Boltzmann: අපි අමතක කළ Molecules නැවත හමුවීම]

Boltzmann: අපි අමතක කළ Molecules නැවත හමුවීම අපි මේ කතාව ආරම්භයේදී fluid එකේ molecules තාවකාලිකව අමතක කර continuum එකක් ලෙස සැලකුවා. එවිට density, velocity, pressure වැනි quantities space එකේ සෑම point එකකටම assign කළ fields බවට පත් වුණා. නමුත් මෙතැන සිත්ගන්නා ප්‍රශ්නයක් තියෙනවා. මේ continuum quantities, molecules වල microscopic motion එකෙන්ම නැවත ලබාගන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි සරලව අතහැර ගිය දුෂ්කර මාර්ගයෙන් මේ ප්‍රතිඵලය ව්‍යුත්පන්න කළ හැකිද? 19 වන සියවසේ Ludwig Boltzmann ගේ kinetic theory එක මේ දෙලොව අතර අතිශය වැදගත් පාලමක් හදනවා. Individual molecule එකින් එක follow කරනවා වෙනුවට, Boltzmann විශාල molecular population එකක් statistical distribution එකකින් නිරූපණය කරනවා: f(x,v,t) මෙහි x position එකත්, v molecular velocity එකත්, t time එකත් නිරූපණය කරනවා. එනම් අපි දැන් “මේ molecule එක කොහේද?” කියන ප්‍රශ්නයෙන්, “මේ ප්‍රදේශයේ මේ velocity range එකෙන් ගමන් කරන molecules කොපමණ තිබේද?” කියන statistical ප්‍රශ්නයකට මාරු වෙනවා. එම distribution එක කාලයත් සමඟ වෙනස් වන ආකාරය Boltzmann equation...

ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes, පැරණි ගණිතය, කෘත්‍රිම බුද්ධිය සහ Lacanගෙන් අප නොදන්නා දෙය දක්වා

Image
  ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes, පැරණි ගණිතය, කෘත්‍රිම බුද්ධිය සහ Lacanගෙන් අප නොදන්නා දෙය දක්වා අපි ගඟක් දෙස බලමු. ජලය ගලා යයි. සමහර තැන්වල වේගවත් වෙයි. ගලක් හමු වූ විට දෙපසට බෙදෙයි. පිටුපස කුඩා සුළි ඇතිවෙයි. පළල් තැනකට පැමිණි විට වේගය අඩුවෙයි. ගැඹුර (depth), පීඩනය (pressure), ඝර්ෂණය (friction), දුස්‍රාවිතාවය (viscosity), ගුරුත්වය (gravity)—මේ සියල්ල එකවර ක්‍රියාත්මක වෙයි. අපේ ඇසට පෙනෙන්නේ එකම දෙයකි: ගලා යන ජලය . නමුත් ගණිතයට එය එසේම භාරගත නොහැක. ගණිතය මුලින්ම අසන්නේ: මේ ගලා යන දෙය මට නිරූපණය කළ හැක්කේ කෙසේද? Navier–Stokes සමීකරණයේ සැබෑ විශ්මය සමහරවිට අවසාන සමීකරණය තුළ පමණක් නොවේයැයි මම සිතමි. Newtonගේ F = ma සිට Cauchyගේ stress tensor එක හරහා, gradient, divergence, Laplacian, continuum mechanics සහ අවසානයේ computational mesh එක දක්වා පැමිණෙන දිගු බුද්ධිමය ඉතිහාසයක් එය තුළ සංකෝචනය වී තිබේ. හරියට ශාක බීජයක් මහ ගසක් දක්වා ද ඉන් ඉක්බිති ප්‍රණීත ඵල සහ බීජ සහ නැවතත් ඒ ගමනටම එකතුවන පූර්ණ චක්‍රීය පැවැත්මක් එහි රහසිගත කේතයන් තුළ සඟවා ගෙන ඇති සේ.  මේ ලිපිය ඒ සමීකරණය “solve” ...