Posts

Showing posts with the label Geometry of Meaning

රිචඩ් ඩෝකින්ස් AI, ජාන, මීම් සහ බුද්ධියේ අනාගතය ගැන කතා කරයි

Image
මෑතකදී රිචඩ් ඩෝකින්ස් සමඟ පැවති සංවාදයක් නැරඹුවෙමි. එය The Selfish Gene පොතට අවුරුදු 50ක් සපිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකි. ඩෝකින්ස් පවසන්නේ පරිණාම ක්‍රියාවලියේ දී ජානය යනු තෝරා ගැනීමේ මූලික ඒකකය බවයි. ජීවීන් යනු ජාන තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට ගොඩනගා ඇති “පැවැත්මේ යන්ත්‍ර” වේ. පසුගිය වසර 50 තුළ විද්‍යාවේ විශාල ප්‍රගතියක් ඇති වී ඇත. විශේෂයෙන්ම AlphaFold නම් AI මෘදුකාංගය ප්‍රෝටීන්වල ත්‍රිමාන ව්‍යුහය ඉතා නිවැරදිව අනාවැකි කරයි. මෙය වෛද්‍ය විද්‍යාවට සහ කෘෂිකර්මයට විශාල වෙනසක් ගෙන එනු ඇත. ඔහු මීම් ගැනත් කතා කළේය. (A meme is any idea, behaviour, style or piece of information that spreads from person to person or computer to computer, by imitation.) මීම් යනු සංස්කෘතික අදහස් හෝ චර්යාවන් වන අතර ඒවා අනුකරණයෙන් පැතිර යයි. අන්තර්ජාලය සහ AI මීම් පැතිරීමට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කර ඇත. ඩෝකින්ස් පවසන්නේ අනාගතයේදී අපට හමුවන පිටසක්වල බුද්ධිය සත්‍ය ජීවීන් නොව ඔවුන්ගේ AI බවට ඉඩ ඇති බවයි. ChatGPT සහ Claude වැනි AI පද්ධති ගැන ඔහු ඉතා පුදුම වී සිටී. ඒවා මිනිසෙකුට වඩා බුද්ධිමත් හා සංවේදී ලෙස කතා කරයි. ඔහු ත...

මම philosopher කෙනෙක් නෙමෙයි

Image
මම philosopher කෙනෙක් නෙමෙයි.  මම පුහුණුවෙන් engineer කෙනෙක් — වසර 28කට ආසන්න professional engineering experience එකක්, ඒ සඳහා අවශ්‍ය academic training එකක්, සහ ඒ කාලය පුරා විවිධ මට්ටමේ complex engineering problems, uncertainties, competing constraints සහ real-world boundary conditions සමඟ වැඩ කිරීමෙන් ගොඩනැගුණු practical discipline එකක් මට තිබෙනවා. ඒ නිසා AI, consciousness, language, subjectivity, Lacan වැනි ප්‍රශ්න වෙත මම ළඟා වෙන්නේත් බොහෝවිට philosopher කෙනෙක්ගේ ක්‍රමයට නෙමෙයි. මගේ පුරුද්ද ප්‍රශ්නයක් model කිරීම, එහි variables සහ relationships හඳුනාගැනීම, assumptions කිහිපයක් තැබීම, boundary conditions වෙත ඒවා තල්ලු කර බැලීම, සහ model එක fail වෙන්නේ කොතැනද කියලා සොයා බැලීමයි. මම මේකට කැමතියි idea-engineering කියන්න. AI ගැන දැන් අපට තියෙන ප්‍රශ්නය: අද AI systems ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඒ සමඟම consciousness, intelligence, agency, intention, understanding වැනි මිනිසා සම්බන්ධයෙන් අප භාවිතා කළ concepts නැවත ප්‍රශ්න කරන්න සිදුවෙනවා. Machine එකක් “I” කියන විට එහි “I” කවුද? Language mo...

AI ඔබට ඕන දේ දන්නවද?

Image
 AI ඔබට ඕන දේ දන්නවද? Transformer එකක් context එක ඇතුළේ relevant information සොයාගන්නේ Query, Key සහ Value — Q, K, V — හරහා. නමුත් මිනිසාගේ ජීවිතයේත් මේකට පුදුම විදිහට සමාන පෙනුමක් ඇති ප්‍රශ්නයක් නැවත නැවත මතුවෙනවා: “Other එකට මගෙන් මොනවද ඕනේ?” Lacan ඒ ප්‍රශ්නය අල්ලන්නේ — Che vuoi? Episode 05 එකේ අපි Transformer attention mechanism එකේ Q, K, V වලින් පටන්ගෙන Lacanian big Other , desire, symbolic incompleteness සහ “There is no Other of the Other” කියන තැන දක්වා යනවා. මෙහි අරමුණ Q = Che vuoi?, K = Other, V = Desire කියලා සමාන කිරීමක් නෙමෙයි. ඒවා වෙනස් conceptual systems දෙකක්. වැදගත් වෙන්නේ ඒ දෙක අතර පෙනෙන structural resemblance එක — සහ ඒ resemblance එක කැඩෙන decisive point එක. Machine එකේ Query එකට Keys තියෙනවා. Compatibility calculate කරන්න පුළුවන්. Values weight කරන්න පුළුවන්. නමුත් human subject අහන ප්‍රශ්නයට — “What do you want from me?” — final Key එකක් තියෙනවද? අවසානයේ මේ ප්‍රශ්නය අපව ඊළඟ confrontation එකට ගෙනියනවා: Optimization vs Desire Machine එක answer එක optimize කරනවා. H...

📚 Road to 1,000 — LEFT-AI Reader Award [https://www.youtube.com/@DawsonPreethi_ea]

Image
 📚 Road to 1,000 — LEFT-AI Reader Award | Reminder 1,000 subscribers වෙත යන ගමනේදී, LEFT-AI: Against the Fantasy of Complete Intelligence පොත් 3ක් subscribers තිදෙනෙකුට තිළිණ කරනවා. 📖 × 3 🎲 වලංගු registrations අතරින් winners 3 දෙනෙක් random draw එකකින් තෝරාගන්නේ channel එක 1,000 subscribers සීමාවට ළඟා වූ පසුවයි. 👉 Channel එක Subscribe කරලා Google Form එකෙන් register වෙන්න. 🗓️ Registration closes: 20 September 2026 — 11:59 PM 🔗 Google Form link එක . Geometry of Meaning වටා ගොඩනැගෙන මේ සංවාදයට ඔබත් එකතු වෙන්න. 1,000 කියන්නේ number එකකට වඩා—සංවාදයේ වටය තව ටිකක් පුළුල් කිරීමක්.

Token එකක් Signifier එකක්ද?

Image
  අර්ථයේ ජ්‍යාමිතිය — EP04 දැන් නැරඹිය හැකියි Token එකක් Signifier එකක්ද? AI එකක් භාෂාව භාවිත කරන විට, එහි “අර්ථය” ඇත්තටම තියෙන්නේ කොහෙද? Token එකක් තනිව ගත්තොත් එයට අර්ථයක් තිබෙනවාද? නැත්නම් එහි අර්ථය බිහිවන්නේ අනෙක් tokens සමඟ ඇති සම්බන්ධතා තුළින්ද? එතකොට Lacanගේ Signifier එකත් වැඩ කරන්නේ මේ ආකාරයටමද? අර්ථයේ ජ්‍යාමිතිය — EP04 තුළින් මම මේ සමානකමත්, ඊටත් වඩා වැදගත් වෙනසත් සොයා බලනවා. මෙහිදී අපි ගමන් කරන්නේ: Token → Vector → Relational Meaning → Saussure → Lacan → Signifier → Subject යන මාර්ගය ඔස්සේ. AI එකකට “I” කියන්න පුළුවන්. මටත් “මම” කියන්න පුළුවන්. නමුත් මේ දෙක එකම සිදුවීමක්ද? ඒ ප්‍රශ්නය අපව ඊළඟ කොටස වෙත ගෙන යනවා — the Other වෙත. 🎥 අර්ථයේ ජ්‍යාමිතිය | EP04 Token එකක් Signifier එකක්ද? YouTube හි EP04 නරඹන්න මෙය AI පිළිබඳ තාක්ෂණික විස්තරයක් පමණක් නොව, භාෂාව තුළ අර්ථයත් “මම”ත් බිහිවන්නේ කොහොමද? යන ප්‍රශ්නය වෙත යන තවත් පියවරකි.

AI කතා කරද්දි... මම කවුද? | අර්ථයේ ජ්‍යාමිතිය | EP03

Image
  AI එකකට අපි වගේ කතා කරන්න පුළුවන් නම් — මනුෂ්‍යයෙකුගේ කතා කිරීමේ විශේෂත්වය මොකක්ද? අපි කතා කරන්නේ අපේ සිතුවිලි වචනවලට පරිවර්තනය කරලාද? නැත්නම් අපි කතා කරන මොහොතේම — භාෂාව අපිව නිර්මාණය කරනවාද? අර්ථයේ ජ්‍යාමිතිය කතා මාලාවේ තුන්වන කොටසින් මම මේ ප්‍රශ්නය හරහා “Speaking Subject” — කතා කරන විෂය පිළිබඳ අදහසට ඇතුල් වෙනවා. මෙහිදී AI එක comparison එකකට වඩා thought experiment එකක් බවට පත්වෙනවා. LLM එකකට “මම” කියන්න පුළුවන්. අපිටත් “මම” කියන්න පුළුවන්. නමුත් ඒ දෙකේ “මම” එකම දෙයක්ද? Episode එක තුළ Language Before the “I”, Human–LLM analogy, authorship, intention vs speech, Freud and the unconscious, Ego vs Subject සහ Split Subject දක්වා මේ ප්‍රශ්නය ක්‍රමයෙන් ගෙන යනවා. 🎥 AI කතා කරද්දි... මම කවුද? | අර්ථයේ ජ්‍යාමිතිය | EP03 Watch EP03 on YouTube සිංහල මාධ්‍යයෙන් | 32 minutes #ArtificialIntelligence #Psychoanalysis #Lacan #Freud #Language #Subjectivity #LLM #Philosophy #Sinhala #අර්ථයේජ්‍යාමිතිය

ලෝකය වෙනස්ද? නැත්නම්... අපිද වෙනස්? | අර්ථයේ ජ්‍යාමිතිය | EP02

Image
  අද රාත්‍රී 7:30ට... ලෝකය වෙනස්ද? නැත්නම්... අපිද වෙනස්? | අර්ථයේ ජ්‍යාමිතිය | EP02 පළමු කථාංගයේදී අපි භාෂාවට පෙරත් සංජානනය සහ සිතීම තිබූ බව පිළිබඳ සාකච්ඡා කළා. අද ප්‍රශ්නය තවත් ගැඹුරුයි... පරිණාමය විසින් සියලුම ජීවීන්ට එකම ආකාරයේ මනසක් නිර්මාණය කළාද? නැත්නම්, යථාර්ථය සංවිධානය කරන විවිධ ක්‍රම පරිණාමය තුළම බිහිවුණාද? අද රාත්‍රී 7:30ට YouTube හිදී හමුවෙමු. ▶️ https://youtu.be/F6Zw97PLJJI

භාෂාවට පෙර අපි සිතුවාද?

Image
  I have published the first episode of a new Sinhala series investigating the origins of human cognition from the perspectives of evolutionary psychology, philosophy, AI, and psychoanalysis. One of the central ideas discussed is that knowledge does not necessarily require language . Evolution accumulated successful behavioural solutions over millions of years and embodied them within DNA. Instincts are not merely behaviours; they represent information preserved through natural selection, allowing organisms to respond adaptively without explicit reasoning or symbolic communication. This provides an interesting analogy with modern Large Language Models. While the mechanisms are fundamentally different, both DNA and LLMs embody information acquired through extensive interaction with their respective environments. One preserves biological adaptations across generations; the other preserves statistical patterns extracted from language. Neither relies on conscious understanding, yet ...

අලුත් ගමනක ඇරඹුම... The Geometry of Meaning

Image
  අලුත් ගමනක ඇරඹුම... මගේ YouTube නාලිකාව Dawson Preethi සිට The Geometry of Meaning ලෙස නව හැඳුනුම්පතකින් වැඩ පටන් ගන්නවා. මෙය නමක් වෙනස් කිරීමක් පමණක් නොවේ. විද් ‍ යාව, ගණිතය, කෘත් ‍ රිම බුද්ධිය (AI), ලැකානියානු මනෝවිශ්ලේෂණය, දර්ශනය, භාෂාව සහ අර්ථය අතර සැඟවුණු සම්බන්ධතා සොයා යන නව දිශාවක ආරම්භයක්. ඉංග් ‍ රීසියෙන් සහ සිංහලෙන් ඉදිරිපත් කිරීම් සැළසුම් කර ඇති අතර අපි තවදුරටත් සූදානම් වන්නේ පහසු පිළිතුරු දීමට නොව, ගැඹුරු ප් ‍ රශ්න ඇසීමටයි. ඔබත් මේ ගවේෂණයට එක්වෙන්න. The Geometry of Meaning — Where Science Meets Mind. https://youtu.be/rWkJ3A9N79o