ඉසිවරයා (08) -Ransirimal Fernando's translation
ඉසිවරයා (08) “කියන්න අපට සතුට සහ දුක ගැන” ගැහැණියක් කීවාය ගැහැණියක් කීවාය “නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය” කීය ඔහු උද්දාමයේ බුබුළු බිඳ ඔබේ සිනා රැල් ගලා එන ප්‍රීතියේ උල්පත පිරී ඇත්තේ බොහෝවිට කඳුලින්ය ඔබේම අන් කවර ලෙසකින් විය හැකිද මෙය? වේදනාව කිඳා බසීද කොතරම් ගැඹුරට එපමණම ගැඹුරුය රැඳිය හැකි සතුටත් ඔබේ හද තුල ඔබේ මධුවිත පිරෙන කදා බඳුනම නොදැවුනිද බුර බුරා දඟලන ගිනි සිලක උණුසුමින් ඇඹෙන්නට බඳුනක්ව? ලයාදර හඬින් ගයමින් ජීවිතය පිරිමදින වීණාව දැව කඳක් නොවෙද අසරණ පාරා සිදුරු කර හදවතම හෑරූ තියුණු සැතකින්? පිරී ඉතිරෙන විට සතුට බලන්න එබී හද ගැඹුරට දකිනු ඇති ඔබ සතුට වගුරනු සිත පෙළූ හැඬවූ දෙයම වේදනාවෙන් රිදුම් දෙන කල සිත බලන්න නැවතත් එබී දකින්නට යථාර්තය අසන්නට ඔබේ වැලපීම ඔබේ ප්‍රමෝදය වූ දෙයටම සමහරෙක් කියනු ඇති සතුටමයි අගනා උතුම් ... තව කෙනෙක් කියනු ඇත නැත නැත ශෝකයයි වඩා වැදගත් ලද යුතු පිදුම්...! මම කියමි ඔබ හට ... වෙන්කල නොහැක කිසි දින මේ ද්වන්ද්වය සතුට ශෝකය...! පැමිණෙති උහු දෙපල පටලවා අත්වැල් එකෙක් හිඳිනා කල ඔබ අසල සිටී අනෙකා ඔබේ සයනේ වැතිර අසරණව ප්‍රලම්බව දෝලනය වෙයි ඔබ තුලාවක දෙබඳු...