ඊජිප්තුවේ අසාමාන්‍ය සිකුරාදාවක්
ඊජිප්තුවට මා පැමිණියේ පසුගිය ජනවාරී 23 වැනිදාය. එදින මට දැනුණ ඊජිප්තුව පිළිබඳ සිතුවිලි ලංකාවේ ජීවත් වන ඕනෑම කෙනෙකුගේ මනසේ ඊජිප්තුව පිළිබඳ ඇති අදහසට වැඩි වෙනසක් නොවීය. ඊජිප්තුවේ පොලිසියට නිවාඩු දිනයක් ඇත. ඒ සෑම මසකටම විසිපස්වැනිදාය. එදිනට ඔවුහු සාමාන්‍ය රාජකාරියෙන් සමුගෙන විවේකීව ගත කරති. එදිනට රාජ්‍ය විරෝධි අරගලයක් සැළසුම් කරගැනීම පහසුය. මන්ද යත් රටේ සිවිල් නීතිය මොහොතකට අතුරුදන් බැවිනි. එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. රටේ ජනතාව කයිරෝ නුවර ස්ථාන කීපයක එරට ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් ඉවත් විය යුතු බවට උද්ඝෝෂණය කරන්නට ජනවාරි විසිපස්වැනිදා තෝරා ගත්හ. ඉන් දින තුනකට පසු එළඹුනු විසි අටවෙනි සිකුරාදා දවස මා ගත කරන්නට සැළසුම් කළ හැටිත් එදින ඇත්තටම ගත වුනු හැටිත් පිළිබඳ කෙටි සටහනක් මා එදින රාත්‍රි යේ තැබුවෙමි. එම සටහනයි මේ... 28 වෙනිදා මට තිබුණේ නිවාඩු ගන්නයි. සිකුරාදා දවස ගල්ෆ් හැම රටකම නිවාඩුයි. ඊජිප්තුවේ ද මහා මාර්ග ජනයාගෙන් පිරී යන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලයි. අනෙකුත් දවස්වල නිද්‍රාශීලි සැන්දෑව උත්කර්ෂවත් වන්නේ සති අන්තයේදීයි. විශේෂයෙන් නයිල් නදිය ආශ්‍රිත බෝට්ටු සවාරි සහ උත්සව...