මහා යුද්ධයක්

පළමුවන ශක වර්ෂයේදී
මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද,
ආරණ්‍ය සේනාපතීහු ද,
බිහිසුණු සේ යුද වැදුණහ.
ඔවුන්ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
"කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?"
"ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ.
"අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ,
ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය"

-ශක රාජාවලිය
සයිමන් නවගත්තේගමගේ "සාපේක්ෂනී"

මෙම උපුටනය කුමාරිගේ කෙටි කරපු දිග කතා පුස්තකයෙනි.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු