භාවනා කරන කළු ගලක් අසල

භාවනා කරන කළු ගලක් අසල

පෙරදින සංවාස කැක්කුම්
තුනටි අත ගාමින් ද
වැට එහා මෙහා දිවීමෙ
ආපදා මරාගැනිලි දෙස් දෙමින්ද
ඉඩම් නඩුවට යන්න
නැකැත් කොල ගුටි කරගත් දෑත් ද
කබල් වෑන් එක හෙට
අනෙකෙක්ගේ කරෙ ගසන
මන්ත‍්‍රය ජප කරමින ද
ශුක‍්‍ර ධාතු තවමත් නොවෙලුනු
දෙකලවින් යුත් සාරංගී ද
පණ ඇති මිනිසුන් පෙති ගසන
ලයිසන් අතැති විරුවන් ද
අපේ කැමැත්තෙන් අප අකමැති දෑ
කරන්නට දේව වරම ලද්දෝ ද

සර්ධාවෙන් වැඳ වැටී සිටියහ


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20090124

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්