සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 12

තාත්තා මිය ගොස් අදට වසර 21 කි. හාමුදුරුවන්ට දානයක් දීමට අම්මා තුළ ආශාවක් තිබුණත් හැම දෙයකටම හරස්වන ආර්ථිකය එයට ද හරස් විය. හිගන මිනිසුනට කෑම පාර්සල් කීපයක් බෙදා දීමට තීරණය කළේ ඒ නිසාය. ඒවා බෙදා දීමට වෙලාවක් ලැබුනේ නැත. නගරය මැද කෑම පාර්සල් අතුරුදහන් වූවා සේය. රටෙ වැඩිදෙනා හිගන්නන් වී ඇත.

තාත්තා ගැන මට දුකක් නැත. ඔහු සුන්දරත්වය විඳ මිය ගිය මිනිසෙකි. එහෙත් අද සෑම දෙයක්ම අසුන්දර වී ඇත. ඔහු ලියූ දේ අද ලිවිය යුතු නැත.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

කුමක්දෝ වේදණාවක් මා සිත තුල හටහත්තද ඒ කුමක්දැයි මට තේරුම් ගත නොහැක.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු