සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 13

රුසියාවෙ දෙ‍්‍රාහියකු ලෙස පිලිගනු ලැබූ බෝරිස් පැස්ටර්නාක් වාසය කළ නිවස කෙෘතුකාගාරයක් ලෙස ආරක්ෂා කළයුතු යැයි එරට සාහිත්‍ය සම්මන්ත‍්‍රණයක දී යෝජනාවක් ඉදිරිපත් වූ බව පුවත්පතක පළවී තිබිණ. කිසි දිනක රුසියාවෙ ප‍්‍රකාෂයට පත් නොකළ ඔහුගේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාව රුසියන් බසින් පළ කළ යුතු බව ද එහි දී කියැවී තිබිණි. මෙම යෝජනා ඉදිරිපත් කොට තිබුණේ කොමියුනිස්ට් සාහිත්‍යකරුවන්ගේ සංකේතය ලෙස රුසියාවෙ පිළගනු ලබන යෙව්ටුෂෙන්කෝ විසින් බව දුටු මම පුදුමයට පත් වීමි. කොතරම් ශ්‍රේෂ්ඨ මිනිසුන් ද ?

නන්දා මාලනී ගැන කතා කරන්නට අද කිසිවෙකුත් නැහැ. මොනම අසාධාරණයකට වත් විරුදධව කතා කරන මිනිසුන් අද නැහැ. හැම මිනිසෙකුම නිහඩ වෙලා. එසේ නැතිනම් නිහඩ වෙයව් කියන අණට කීකරු වෙලා. මහ කාලකන්නි යුගයක්.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු