A Note on This Archive

 

A Note on This Archive

This blog is more than a collection of old posts. It records nearly fifteen years of an evolving intellectual journey pursued alongside my professional life in engineering.

Many of the questions that occupy me today—psychoanalysis, philosophy, AI, science, literature, language, reality and meaning—appear throughout these pages in different stages of development.

I have deliberately preserved those earlier layers rather than rewriting them to agree with what I think today. An intellectual archive should contain not only conclusions, but changes of mind, unfinished questions, mistakes and discoveries.

In an age when AI can help any of us acquire the appearance of expertise very quickly, I prefer to leave the history of my own pursuit open to inspection.

The archive is the evidence—not necessarily that I was right, but that I was searching.


මේ Archive එක ගැන කෙටි සටහනක්

මේ බ්ලොග් අඩවිය මට පැරණි ලිපි එකතුවක් විතරක් නෙවෙයි. මගේ වෘත්තීය ඉංජිනේරු ජීවිතයත් සමඟ සමාන්තරව, අවුරුදු පහළොවකට ආසන්න කාලයක් පුරා ගමන් කළ බුද්ධිමය සෙවීමක සටහන් මෙහි තිබෙනවා.

අද මා වැඩිපුර කතා කරන මනෝවිශ්ලේෂණය, Lacan, දර්ශනය, AI, විද්‍යාව, සාහිත්‍යය, භාෂාව, යථාර්ථය සහ අර්ථය පිළිබඳ ප්‍රශ්න බොහොමයක් මේ පැරණි ලිපි අතරත් හමුවෙනවා—සමහරවිට අදට වඩා වෙනස්, අසම්පූර්ණ, මුල් අවධියේ ස්වරූපවලින්.

ඒ පැරණි අදහස් අද මා සිතන ආකාරයට ගැළපෙන ලෙස නැවත ලියන්න මට අවශ්‍ය නැහැ. මොකද බුද්ධිමය ගමනක් කියන්නේ නිවැරදි පිළිතුරු එකතු කිරීමක් පමණක් නොවෙයි. වැරදීම්, සැකයන්, අත්හැරුණු අදහස්, වෙනස් වූ ස්ථාවරයන් සහ නැවත නැවත මතුවන ප්‍රශ්නත් ඒ ගමනේ කොටස්.

විශේෂයෙන්ම AI යුගයේදී, ඉතා කෙටි කාලයකින් දැනුමැති කෙනෙකුගේ භාෂාව අත්පත් කරගැනීම අප හැමෝටම පහසු වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙකුගේ බුද්ධිමය ගමන ගැන හොඳම සාක්ෂිය ඔහු තමන් ගැන කරන ප්‍රකාශයක් නොව, කාලය පුරා ඉතිරි කළ සලකුණු වෙන්න පුළුවන්.

ඒ නිසා මේ බ්ලොග් එක නැවත සංවිධානය කළේ පැරණි දේවල් සඟවන්නවත්, අද මම සිතන දේ අතීතයට ආරෝපණය කරන්නවත් නෙවෙයි. ඒ වෙනුවට, අද මා කතා කරන තැනට පැමිණි මාර්ගය කැමති කෙනෙකුට ආපසු ගොස් බලන්න පහසු කරන්නයි.

මේ archive එක මම හැමදාම හරි කියන සාක්ෂියක් නොවෙයි.

මම දිගටම සොයමින් සිටියා කියන සාක්ෂියක්.




Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්