සිර ගෙවල්
කලකට පෙර
අපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
ජීවිතාන්තය තෙක්
සිර ගෙවල් දෙකක විසුමට
වෙන වෙනම සිපිරි ගෙවල තුළ
සිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙන
හොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුන
ශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගින
නැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
බරපතල වැඩ සහිතව
නමුත් පුරුදු සිර ගෙදරම
වසන්නට දිවි ඇති තෙක්ම...
6/2/2012
අපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
ජීවිතාන්තය තෙක්
සිර ගෙවල් දෙකක විසුමට
වෙන වෙනම සිපිරි ගෙවල තුළ
සිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙන
හොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුන
ශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගින
නැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
බරපතල වැඩ සහිතව
නමුත් පුරුදු සිර ගෙදරම
වසන්නට දිවි ඇති තෙක්ම...
6/2/2012
Comments
මේ ප‍්‍රකෘති පවුල; රාජ්‍යය, එහි ප‍්‍රජාතාන්ත‍්‍රික ස්වභාවය විවර්තනය කරන කුඩා සිදුරක් වැනිය. රාජ්‍යය සුජාත වීම, එහි චර්යාව සාධාරණීකරනය වීම, වෙළඳපොල බලවේගයන් සක‍්‍රීය වීම සිදු වන්නේ පවුලෙනි. ලිපිනයක් නැති තනි පුද්ගලයෙක් මේ කිසිවක පූර්ණ ග‍්‍රහණයට හසු නොවේ. එ නිසා පවුල රැකිය යුතු මනාය.