හදවත් ශල්‍යකර්මය

සීතලට අපමණ පෙම් කළ
මගේ වියපත් චර්ම වහන්තරාව
ඇගේ උණුසුම් ඡවි කල්‍යානයෙන්
හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇත

හැව හැරී නාගයෙකු සේ
මා ඉඳී සයනයේ උඩුකුරුව
ජීවිතය දිස්න දේ
දහදිය දිගේ පපුතුර

නිර්වින්දිත සිරුරු මස තුළ
ඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙත
ධමනි-ශිරා-කපාට හරහා
ඉසියුම්ය ඈ සියුමැලි නිය

හදවත හරහා ඇනී තිබූ
දඩු කටුව ඇද දමා
ඈ හති අරින්නී
මා අසල නිදිවර්ජිතව...

10/02/2012

Comments

හෂිත said…
කටු ඇද දමා සුවකොට
තවත් පෑරිය මනා වේ
කවි ගලන
මෙන් නිතර
ඈ ඇනස්තීසියා නම් වන්නී......

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්